බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 3කින් අද ජය ගෙන තිබේ.
ලකුණු 287ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 7ක් දැවී සිටියදීයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශයේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 130කදී බිඳ වැටුණි.තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 286ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 43කදීයි.බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ උප නායක චරිත් අසලංක දෙවැනි කඩුල්ලට ලකුණු 185ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

පැතුම් නිස්සංක 6 වැනි එක් දින ශතකය අද රැස් කළේ ය.ඊට 4 පහර 13ක් සහ 6 පහර 3ක් ඇතුළත්.චරිත් අසලංක 4 පහර 6ක් සහ 6 පහර 4ක්ද සමගින් අගනා ලකුණු 91ක් රැස් කර තිබේ.

Similar Posts