cricket

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන්.

ලබන වසරේ දී (2024) මෙරට දී පැවැත්වීමට නියමිත ව තිබූ 19 න් පහළ ලෝක කුසලානය පැවැත්වීමේ ස්ථානය වෙනස් කර තිබේ.

මෙම වෙනස් කිරීමෙන් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි ව ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඉවත් කර, එම තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Similar Posts