2023 ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය මෙන්ම 11 වන තරගය ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතරයි.

අද තරගය වර්ෂාව නිසා පන්දුවාර 42කට සීමා කර තිබුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 7ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 8 ක් ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තා.

ඩක්වත් ලුවිස් නයායට අනුව අද ශ්‍රි ලංකා කණ්ඩාමයම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති සුපිරි 4 දෙනාගේ වටයෙ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 කින් කින් ජයග්‍රහණය කළා.

එළෙඹෙන 17 වැනිදා ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සුදුසුකම් ලැබුවා.

Similar Posts