සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක්වූවා. ඒ මෙතෙක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්වීමත් සමගයි.

මිට පෙර කුමාර් සංගක්කාර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. බංග්ලාදේශයට එරෙහිව 2014 වසරේ දී පැවති ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර හයේ පහරවල් 08ක් එල්ල කරමින් එම වාර්තාව තබා තිබුණා.

අද තරගයේදී කුසල් මෙන්ඩිස් හයේ පහරවල් 11ක් එල්ල කරමින් එම වාර්තාව තමන් සතුකර ගනු ලැබුවා.  කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 245ක් රැස් කරගන්නා ලදි.

Similar Posts