kotagala

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල විසින් හිමි කර ගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර විදුහලක් වන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසු සිසුවියන් බොක්සින් තරග සදහා විවිධ දක්ෂකම් දක්වන අතර නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා අධ්‍යක්ෂ ලෙස කටයතු කරන තරු තුනේ බොක්සිං විනිසුරුවරයකු වන සුසන්ත වීරසේකර මහතාගේ මග පෙන්විම මත මෙන්ම ඔහුගේ ශක්තිය මත බොක්සිං පුහුනුකරුවකු එම විදුහලේ විදුහල්පතිනි ලක්මිනි ලෂන්තිකා කුමාරි මහත්මියගේ දායකත්වය මත එම සිසුන් මෙසේ තරගවලියන් ජයග්‍රහානය කිරිමට පියවර ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසුමකදි අදහස් දැක්වු කොටගල සිරි පැරකුම් විදුහලේ විදුහල්පතිනි ලක්මිණි ලෂන්තිකා කුමාරි මහත්මිය පවසන ලද්දේ 37—40 බර පන්තිය යටතේ තරග සදහා සිසුන් 08 දෙනකු ඉදිරිපත් කිරිමට හැකියාව තිබුනද තම විදුහලේ සිසුන්ගේ සංඛ්‍යාව අනුව සිසුන් තිදෙනකු ඉදිරිපත් කර එම තරගාවලියේදි තම විදුහහලේ නිම්සි මිලෝනියා සිසුවියට රන් පදක්කම හිමි කර ගැනිමට හැකිවු බවත්ය.

එමෙන්ම 40—43 බර පන්තිය යටතේ තරගාවලියේ රන් පදක්කමද තම විදුහලේ බ්‍රයන් සොනාලි සිසුවිය විසින් දිනා ගත් බවත් පාසල් බාලිකා බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙසද තම විදුහලේ බ්‍රයන් සොනාලි සිසුවිය තේරිපත්වු බවත්ය.
එමෙන්ම කනිෂ්ඨ බාලිකා තරගාවලියට ඉදිරිපත්වු ආර්. මොනිසා සිසුවිය ලෝකඩ පදක්කම හිමි කර ගත් බවත් තම විදුහලේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රවිදු රස්මින්දු සිසුවා සහායක පුහුණුකරුවකු ලෙස මෙම සිසුන්ට මග පෙන්විමක්ද සිදු කරමින් මෙම ජයග්‍රහානයන් සදහා දායකත්වන් ලබා දුන් බවද ලක්මිණි මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.

kotagala

සමස්ථ ශුරථාවය හිමි කර ගත් සිරි පැරකුම් විදදුහල් කණ්ඩායම නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිඩා අධ්‍යක්ෂ හා පුහුණුකාරි විදුහල්පතිනිය සමග


බ්‍රයන් සොනාලි සිසුවිය 40—43 බර පන්තියේ රන් පදක්කම්ලාභි මෙන්ම දක්ෂතම ක්‍රිඩිකාව


නිම්නි මිලෝනිකා සිසුවිය 37—40 බර පන්තියේ රන් පදක්කම්ලාභි


කේ. මොනිකා සිසුවිය කනිස්ථ ලෝකඩ පදක්කම්ලාභි

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts