සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම සදහා ගම් මට්ටමින් ඡන්දපොල මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පොලොන්නරුව තඹාල මුස්ලිම් ගම්මානයේ දී පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ සිය පක්ෂයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයේ එක් අදියරකට සහභාගී වෙමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.

“මහා මැතිවරණයේ දී අපි ඉතාම කෙටි කාලයක් තුළ සියයට 23.9ක ප්‍රතිශතයක්.පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 54ක් ඡන්ද 27 70 000කට වැඩි ප්‍රමාණයක් ලබා ගත්තා.අපේ බලවේගය ලියාපදිංචි කරලා මාස හයයි.මාස හයෙන් හතරක් ම ශඩ්ඩවුන් නිසා හැමෝම ගෙවල්වල හිටියේ.

මාස දෙකක මැතිවරණ ව්‍යාපාරයකින් අපි මේ ජයග්‍රහණය ලබා ගත්තා.ඊයේත් අදත් උතුරු මැද පළාතේ අනුරාධපුරයේත් පොලොන්නරුවේත් බිම් මට්ටමේ යාන්ත්‍රණය සකස් කිරීම අපි ආරම්භ කළා.හැම ඡන්ද පොලකම මෙහෙයුම් කමි‍ටුවක් ශක්තිමත් කිරීම අපි ආරම්භ කළා.අපි මෙහි ආවිට අපට පෙන්නා දුන්නා ඔබලා මුහුණ දෙන වනජීවී ප්‍රශ්නය.

තමන්ගේ ඉඩම් වගා කරගන්න නොහැකි වීම ගැන .ඒවගේම ගවපාලනයටත් ඔබ සියලු දෙනාටම බාධාවක් වෙලා තියෙන ප්‍රශ්න.රටේ ජනතාව තීන්දු කරලා තියෙන්නේ අපට විපක්ෂයේ ඉදලා කටයුතු කරන්න.

අපි ජනතාවගේ ප්‍රශ්න විපක්ෂයක් හැටියට අපට හැකි ආකාරයෙන් විපක්ෂයේ ඉදලා ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න කටයුතු කරනවා.සමගි ජනබලවේගය අපි ජනතාවගේ හඩ වෙනුවෙන් පෙනී සිටින්නට පොරොන්දු වෙනවා.”

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts