යුද්ධයෙන් පසු එල්.ටී.ටී.ඊ. කාඩර් වරුන් පුණරුත්ථාපනය කළ අයුරින් කරුණා අම්මාන්ව ද  මාස තුනක කාලයක් වත් පුණරුත්ථාපනය කළ යුතු බවත් මෙවර පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යැවීමට පියවර ගත යුතු බවත් විශ්‍රාමික රණවිරුවන්ගේ බුද්ධිමත් කතිකාවත නම් විශ්‍රාමික රණවිරු සංවිධානයේ කැදවුම්කරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මනෝ විද්‍යා උපදේශක,අධ්‍යාපන පර්යේෂක දේශමාන්‍ය නාලක ජයසිංහ මහතා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ දී කැදවා තිබූ මාධ්‍ය හමුවක දීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“අපි රණවිරුවෝ හැටියට මේ මැතිවරණයේ දී කිසිම පක්ෂයකට සහහ දෙන්නෙ නෑ.නමුත් අපි කියන්නේ ඔබ ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් මේ රටේ සියලුම ඡන්දදායකයින් ට හිමි මනාප තුනෙන් එක මනාපයක් බුද්ධිමතෙකුට ලබා දෙන්න කියලයි.ඔබ ඕනම පක්ෂයකට ඡන්දය දෙන්න හැබැයි අඩුම ගණනේ ඔබේ මනාප තුනෙන් එකක් බුද්ධිමතෙකුට දෙන්න.

අපේ රට සිංහල බෞද්ධ රටක්.නමුත් රට වහපු වෙලාවෙ මුලින් ම අරින්නේ බාර්.මේ පාර්ලිමේන්තුවේ 225න් බහුතරයක් ඉන්නේ බාර් කාරයෝ.බාර් ලයිසන් තියෙන පුද්ගලයෝ 99ක් ඉන්නවා.බර් හිමි ඥාතින් ඉන්නවා.එහෙම පාර්ලිමේන්තුවක් තිබුණේ.මේ රට පාළනය කරන්නේ බාර් කාරයන් හා ජාවාරම්කාරයන්.

ඒ නිසා තමයි අපි තිස් වසරක යුද්ධෙන් පස්සේ අපි ආපහු රණවිරුවන් නැගී සිටින්නේ රට පුරාම අපේ කතිකාව ගෙනියනවා බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට එවන්න.උපාධි හතර පහක් තිබ්බ පලියට බුද්ධිමතෙක් නෙමෙයි.

ආචාර්ය මහාචාර්ය වුණාට බුද්ධිමතෙක් නෙමෙයි.පන්චසීලයට අනුගත වෙලා.දස අකුසලයෙන් ඈත් වෙලා තියෙන්න්න ඕන.වෛරය ක්‍රෝධය මාන්නය දුරු කරගෙන තියෙන්න ඕන.දැන් ඉන්න මැති ඇමතිවරු ගාව වෛරය සැකය,මාන්නය ,ලෝභය වැඩි පුර තියෙන්නේ.වෛරයෙන් පිරිච්ච දේශපාලනඥයන් සැකයෙන් ක්‍රෝධයෙන් ලෝභයෙන් පිරිච්ච දේශපාලනඥයන්ගෙන් මේ රටට වැඩක් වෙන්නේ නෑ.රටේ සැබෑ අරමුණ යථාර්ථය පේන්නෙ නෑ.

අපේ ඉතිහාසය පෙලපොත්වලින් ඈත් කරලා.අද 1 ශ්‍රේණියෙ ඉදලා 13 ශ්‍රේණිය දක්වා පෙළ පොත් විෂය නිර්දේශවල වැරදි තිබෙනවා.අපේ අර කියන උගත්තුන්ට බැරි වුණා ඉතිහාසය පෙළ පොතට අපේ අනන්‍යතාව සහිත ඉතිහාස කරුණු ඇතුළත් කරන්න.සිංහල බෞද්ධයන් එකතු වෙලා හදපු මේ ආණ්ඩුවේ මහා සංඝරත්නය ඇතුළු පිරිස් එකතුවෙලා හදපු ආණ්ඩුව තුළ කොටසක මාන්නය තිබ්බා.කොටසකට වෛරය තිබ්බා.තව කොටසකට ලෝභය තිබ්බා.අනිත් කොටසට ක්‍රෝධය තිබ්බා.

ආණ්ඩුවේ කැබිනට් එකේ මෝහය වැඩුනා.යඨාර්ථය පෙනුනෙ නෑ ගත්තෙ අමන තීන්දු එයාලට ඕන වුණේ තුනෙන් දෙක අරගෙන ආණ්ඩුවක් හදන්න.රට වහන්න ඕන වෙලාවේ වැහුවෙ නැත්තෙ ඒකයි.

අපි රණවිරුවෝ යුද්ධ කළේ මේ රටේ සියලු දෙනාට සහජීවනයෙන් සමගියෙන් නිදහසේ ඉන්න.අපේ සිංහල බෞද්ධ ජනතාව අරන්තලාවේ  භික්ෂු ඝාතනය වෙනකොට අපෙන් රණ විරුවන්ගෙන් ඉල්ලුවෙ නෑ සාධාරණයක් කරන්න කියලා.මායිම් ගම්මාන කැති ගානකොට ඉල්ලුවෙ නෑ සාධාරණයක් කරන්න කියලා .

ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලා.දළදා මාලිගාවට බෝම්බ ගැහුව වෙලාවෙත් රුවන් වැඉලි සෑය අභියස ලේ හොල්ලපු වෙලාවෙත් ඉල්ලුවෙ නෑ සාධාරණයක් කරන්න කියලා.ඉල්ලුවෙ යුද්ධය ඉවර කරලා දෙන්න කියලා.අපේ ජන සමාජය බෞද්ධ සංකල්ප අනුවයි ක්‍රියා කරන්නේ.බෞද්ධ සංකල්ප අනුව තමයි මේ රට ගොඩ නැගුණේ.බෞද්ධයො කවදාවත් සාධාරණය ඉල්ලලා තිබුණේ නේ.

සිංහල බෞද්ධ නායකයන් ට මේක තේරෙන්නෙ නෑ.අපි එල්.ටී.ටී.ඊ.සාමාජිකයෝ 13000කට අධික පිරිසක් පුනරුත්ථාඅනය කරා.කරුණා අම්මාන්වත් මාස තුනක් වත් පුනරුත්ථාපනය කළ යුතුයි.

අපි දන්නේ නෑ මේක කුමන්ත්‍රණයක් ද කියලා.දැන් මේ දේශපාලන බෝල ගැහිල්ල නවත්වන්න.කරුණා අම්මාන් යොදාගෙන කරන දේශපාලනයත් පාස්කු ප්‍රහාරය අල්ලාගෙන ක‍තෝලික පූජකතුමන්ලා අල්ලාගෙන කරන දේශපාලන සෙල්ලමත් නවත්වන්න.අපි දැක්කා ක‍තෝලික ආගමික  නායකයෝ සාධාරණය ඉල්ලනවා.

මොකද්ද මේ සාධාරණය ඉල්ලනවා කියලා කරන්නේ.මේ ව්‍යාපාදය යි වපුරන්නේ.වැදලා ඉල්ලනවා ක‍තෝලික ආගමික නායකයන්ගෙන් සාධාරණය ඉල්ලන්න එපා පාස්කු ප්‍රහාරය ගැන.ඔබතුමන්ලා එකතුවේලා පත් කර ගත්ත ජනාධිපතිවරයා ඉන්නේ.යලි පාස්කු ප්‍රහාරයක් ඇති නොවෙන පරිදි කටයුතු කරගන්න.වහබ්වාදී අදහස් තියෙන තරුණයින් ප්නරුත්ථාපනය කරන්න.වහබ්වාදයට  අපි විරුද්ධයි.අපේ  භික්ෂුන් වහන්සේලාත් සාධාරණීකරණය කරනවා.

මේක දෙශපාලන සෙල්ලමක්.කරුණා අම්මාන්ගෙන් වාසිය එක්සත් ජාතික පක්ෂයට ගන්නත් පාස්කු ප්‍රහාරයේ වාසිය පොහොට්‍ටුවට ගන්නත් මේ කරන සෙල්ලම නවත්වන්න.රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙල, සැලැස්ම ගැන කතා කරන්න.ඔක්කොම අමතක කරලා පක්ෂ විපක්ෂ ගහගන්න එක කරනවා.

සැබෑ ප්‍රශ්න යටපත් කරලා.අපේ සංගමයේ අරමුණ සැබෑ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න මැදිහත් වෙන එක.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න බුද්ධිමත් නායකයින් පාර්ලිමේන්තුවට යවන්න.ඒ වගේම විපක්ෂය ශක්තිමත් කරන්න බුද්ධිමත් නායකයින් පාර්ලිමේන්තුවට යවන්න.

මහ සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.මේ පක්ෂවල ඉන්න නායක කාරකාදීන්ගේ ඔලුවලින් හිත්වලින් වෛරය මාන්නය ,අයින් කරන්න.ගෝඨාභය මැතිතුමා ළගට බුද්ධිමතුන් 10ක් වත් යවන්න.ඒ වගේම එහේඅ පැත්තෙන් සජිත් මහත්තයා ගාවටත් 10ක් වත් බුද්ධිමතුන් යවන්න.අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝයා වහන්සේට මරණීය තර්ජන එල්ලකරපු පුද්ගලයෙක් ඡන්දය ඉල්ලනවා.නායකයින් මේවා දන්නේ නැද්ද.?

සිංහල බෞද්ධ ආණ්ඩුව වැරදි පාරෙ යන්නේ ජනාධිපතිතුමා ගාවට මේ ආණ්ඩුව හරි පාරෙ උස්සලා තියන්න බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට එවන්න.ජනතාවට අපි කියන්නේ නෑ මේ ආණ්ඩුව පෙරලන්න කියලා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩුව ගෙනයන්න බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට එවන්න.

බලන්න පහුගිය කැබිනට් එක කොහොමද කියලා.කොළඹට හම්බන්තොටට,ගම්පහට කුරුණෑගලට කියන පිගන් හතරට හොදම අමාත්‍යංශ බෙදුවා.ඊට පස්සේ ඉතිරි දිස්ත්‍රික්ක 21 ටම බෙදුවෙ මොනාද?සොච්චම් ආමාත්‍යංශ ඉතුරු දිස්ත්‍රික්ක 21 ටම බෙදුවෙ.පෙර වැරදි හදා ගෙන එනවා කියපු ආණ්ඩුවක් මේක .

මේවා නිවැරදි විය යුතුයි.ජනතාව ආරක්ෂා කරන්න,මේ රටේ පොදු අරමුණක් කරා ගැනීමට ,මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන් බාර්කාරයන්ගෙන් මේ රට බේරා ගන්න.මේ රට නිවැරදි මාවතකට ගෙන්න අපි මේ උත්සාහය ගන්නේ”

ඊ්ෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts