unp

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව)එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි  සියලු විනය පරීක්ෂණ යළි එක්සත්  ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇත.

ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹි ඇත්තේ  එජාප නීති අංශය  පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙනය.

ඒ් අනුව පක්ෂයට එරෙහිව ක්‍රියා කළ සියලු මහජන නියෝජිතයන් හා ක්‍රියාකාරීන්ට එරෙහි විනය පරීක්ෂණ යළි අරඹන බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.

සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වූ ඇතැම් අය මේ වන විට පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇති බවද එජාප නීති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ මහජන නියෝජිතයන්ට හා පක්ෂ  ක්‍රියාකාරීන්ට එරෙහිව මෙම විනය  ක්‍රියාමාර්ග ඇරැඹූ මුල් අවස්ථාවේදී කොරෝනා වසංගත තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් ඉදිරි පියවර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලදි.

ශානි

Similar Posts