මරුවැල පෑගී ගොවියා මරුට .

death

උට්ටිමඩුව සියඹලාගස්වැව කැලෑ ප්‍රදේශයට කැති මිටක් කපා ගැනීමට බව කියමින් එහි ගිය හේන් ගොවියෙකු දඩයක්කරුවෙකු විසින් අටවා තිබූ බදින තුවක්කුවක මරුවැල පෑගිමෙන් වෙඩි ප්‍රහාරයට ලක්වි බරපතල තුවාල ලබා කැලෑව තුලදිම ජීවිතක්ෂයට පත්වි ඇති බව තිරප්පනය පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්විමෙන් උට්ටිමඩුව උට්ටිමඩුව තිරප්පනය ලිපිනයේ පදිංචිව සිටි 70 හැවරදි තිදරු පියෙකුවූ මුතුබණ්ඩාගේ විජේසිංහ නැමත්තා ජීවිතක්ෂයට පත්වි තිබුණි. ඔහු ඊයේ  (01දා)උදෑසන 9.30ට පමණ කැති මිටක් කපා ගැනීමට කැලෑවට යන බව බිරිදට පවසා නිවසෙන් නික්ම ගොස් ඇති බව පරික්ෂණ සිදුකරනා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. කැති මිටක් කපා ගැනීමට බව කියමින් කැලෑ වැදුණු සැමියා…

Read More

පොලිස් ස්ථානාධිපති පුටුවටත් පුංචි යුද්ධයක් !

police

පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස්වීම් වලට අනුව  ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමත් සමග පුරප්පාඩුව ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අසුන හිමිකර ගැනීම සදහා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු සීතල යුද්ධයක නිරතවි සිටිනා බව අනාවරණය විය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් දෙවතාවක් තේරීපත්වි මේ වනවිටත් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතා නව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස වැඩ බාර ගැනීමට නියමිව සිටිනා අතර ඔහුගෙන් පසුව හිස්වන මූලස්ථාන පොලිස් පරික්ෂක අසුනට තමන් වඩාම සුදුසු බව කියමින් ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනා තරගයක නිරතවි සිටිති. ඒ අනුව අනුරාධපුර…

Read More

ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

මහනුවර යුගයට අයත් (සමාධි බුද්ධ මුද්‍රාව) දඹරනින් නිමකළ මිල කළ නොහැකි බව කියන කිලෝග්‍රෑම් 22ක බරින් යුතු බුද්ධ ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ  (09) උපාය දූතයෙකු යොදවා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජේකෝන් බණ්ඩාර මහතාට අනුරාධපුර හා කන්තලය පොලිස් විශේෂ කාර්යංශයන්හි නිලධාරින් විසින් ලබාදුන් තොරතුරු හා සහයෝගය මත සැකකරුවන් තිදෙනාව අනුරාධපුර නුවර වැව වැව් වාන ආසන්නයේදි අගල් 18ක…

Read More

ATM කඩා පොලිස් දැලේ

රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගෑස් කටරයක් භාවිතා කර බිදිමින් මුදල් සොරා ගැනීමේ නිරතවූ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක රියදුරෙකු පොලොන්නරුව මින්නේරියේ සිදුකළ ලක්ෂ හැත්තෑවක සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (18දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා (04දා)නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලට මුදල් ප්‍රවාහනය කරන දිවයිනේ ප්‍රසිද්ධ සමාගමක හිටපු රියදුරෙකු වන කටියාව එප්පාවල හා පල්ලම පුත්තලම ලිපිනයන් හි පදිංචි විවාහ තුනක් සිදුකරගෙන සිටිනා බව කියන විසි නව හැවිරිදි…

Read More

අනුරාධපුර නුවරගම රක්ෂිතයත් අනතුරක?

nuwaragama

අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව අවසර ලබාදීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවට පරිසර සංවිධාන රැසක සාමාජිකයන් රජයේ වග කිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. වර්ෂ 1924 සමයේ ගැසට් මගින් රක්ෂිතයක් බවට පත්කළ අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ (කොරකහවැව) හෙක්ටයාර් 0.8 භූමි ප්‍රමාණයක් මේ වනවිට මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් හා රියදුරු පුහුණු ආයතන රැසක හිමිකරුවන් එක්ව කපා එලිපෙහෙළි කරමින් සිටි. අනුරාධපුර පුත්තලම ඒ-12 ප්‍රධාන මාර්ගයේ පිහිටි භූමිය රක්ෂිතයක් ලෙස නම් කර තිබියදි විවිධ අවසර බලපත්‍රයක් ලබාදෙමින්…

Read More

රොන්මඩ ඉවත් කිරීමට මුවා වී ලැබුනෝරුව වැවේ වැලි ජාවාරමක්!

labunoruwa wewa

රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට මුවාවි ලැබුනෝරුව වැව සීමාවක් නොමැතිව හාරමින් වැලි ගොඩදැමීමේ මහ පරිමාන ජාවාරමක් සිදුවන බව ලැබුනෝරුව ගොවි සමිතිය පවසයි. රජයේ ව්‍යාපෘතියක් වශයෙන් පසුගියදා ආරම්භවූ මහ වාරිමාර්ගයට අයත් ලැබුනෝරුව වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ ක්‍රියාව පසෙක දමා කොන්ත්‍රාත්කරුවන් ඉවක් බවක් නොමැතිව වැව හාරමින් වැලි ඉවත් කිරිමේ කටයුත්තක නිරත වන බවත් මෙම ක්‍රියාවලිය නිසා වැව විනාශයට පත්වෙන බව ගොවි සමිතිය පැවසුවේය. සිදුවන ක්‍රියාවලියට විරෝධය පලකරනා ලැබුනෝරුව ගොවි සමිතියේ සභාපති ජී ජයතිලක මහතා.වැවේ රොන්මඩ ඉවත් කිරිම පසුගියදා ආරම්භ වුනා.නමුත් ඒ සදහා කිසිදු මුදලක් රජයෙන් නොගෙවන බව උත්සවයට සහභාගිවූ රාජ්‍ය අමාත්‍යතුමන් පැවසුවා.…

Read More