ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක ‘මිතුරු පියස’ ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පෙන්වා දෙන්නේ, 070 2 611 111 යන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතීමෙන් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව පවතින බවයි.

මෙරට සියයට 10ක් පමණ පිරිමි පුද්ගලයින් ද මේ වන විට ගෘහස්ථ හිංසනයට ලක් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ කාන්තා සෞඛ්‍ය ඒකකයේ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ නෙත්‍යාංජලී මාපිටිගම මහත්මිය සදහන් කළාය.

මේ අතර, ගෘහස්ථ හිංසනයන් ඉහළ යාමට ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතය ප්‍රධාන හේතුවක් වී ඇති බව කළුබෝවිල රෝහලේ මිතුරුපියස භාර වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය හේෂානී කරුණාතිලක මහත්මිය සදහන් කර ඇත.

Similar Posts