පසුගිය කාලය පුරාවටම ලොව පුරා බොහෝ තැන් වල ජාතිකවාදය පෙරටුකොට ගත් නායකයන්ගේ දේශපාලන ජයග්‍රහණ දැකිය හැකි විය. පසුගිය කාලය පුරාවටම තමන්ගේ රට තමන්ගේ ජාතිය ප්‍රමුඛ කොට ගත් නායකයන් හා දේශපාලන ව්‍යාපාරයන්ට මැතිවරණ ජයග්‍රහණයන් හිමි විය. එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවේ නරෝන්ද්‍ර මෝදි, එංගලන්තයේ බොරිස් ජොන්සන් යන අයගේ මැතිවරණ ජයග්‍රහණ මේ අතර ප්‍රධානය. මොවුන්ගේ සටන් පාඨය සිය ජාතිය මුල් කොට ගත් සංවර්ධන මාදිලියකි. දේශපාලන ක්‍රමයකි.

මහා බ්‍රිතාන්‍යයේ මෙම ජාතිකවාදී නැඹුරුව කලක සිට පැවැති අතර බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ඇතුළු මුල් පෙලේ දේශපාලන නායකයන් විරුද්ධවෙද්දී ජනතාව ඡන්දය ප්‍රකාශ කලේ යුරෝපා සංගමයෙන් වෙන් වීමටය. ඒ සුප්‍රසිද්ධ යුරෝපා සංගමයෙන් වෙන් වනවාද නැද්ද යන්න තීරණය කිරීමට පැවැති ජනමත විචාරණයේදීය.

යුරෝපා සංගමය සමග සිටිය යුතු යැයි යන තීරණය දැරීම නිසා අගමැති ඩේවිඩ් කැමරන්ට තම ධූරයෙන් ඉල්ලා අස්වීමටද මෙම ජනමත විදාරණයෙන් පසුව සිදු විය. ඉන් පසුව පත් වුනු තෙරේසා මේ අගමැතිවරියද යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ තීරණ නිසි පරිදි නොගැනීමත් ඒවා ප්‍රමාද කිරීමත් හේතු කොට ගෙන සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සිදු විය.

ඒ ඇය උග්‍ර ජාතිකවාදියෙකු නොවූ නිසාය. ඇයගේ අනුප්‍රාප්තිකයා ලෙස බ්‍රිතාන්‍ය අගමැතිධූරයට පත් වූයේ උග්‍ර ජාතිකාවාදී ස්ථාවරයක සිටිමින් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන සටනේ එනම් සුප්‍රසිද්ධ බ්‍රෙක්සිට් ව්‍යාපාරයේ ඉදිරි පෙළ කටයුතු කල බොරිස් ජොන්සන්ය. ඔහු පත් වීමෙන් පසුව පැවැති මැතිවරණයේදීද ඔහුට ජයග්‍රහණයක් හිමි විය.

බොරිස් ජොන්සන් ලා පැතිර වූ මිනිස් හැගීම් අවුලුවන ධනවාදය විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න වලට විසඳුම ලෙස මිනිසුන්ට පෙන්වූ ක්‍රමය තුළම වූ පටු ජාතිකවාදයට ගෝලීය අර්බුදයකදී කිසිදු විසඳුමක් නොමැති බව මේ වන විට කොරෝනා වසංගතය මගින් පැහැදිලි කොට තිබේ. මහජනයා ජාතිකවාදය තෝරා ගත්තේ ගෝලීය චිනතනයකට වඩා ආත්මාර්ථකාමී ජාතිකවාදී චින්තනයෙන් ප්‍රශ්න අවම වන බව විශ්වාස කල බැවිනි.

නමුත් අද වන විට පැහැදිලිවන කරුන නම් කොරෝනා ඇතුළු ඉදිරි කාලයේදීද අපට මුහුණ දීමට සිදු වන ගෝලීය අර්බුද සඳහා ජාතිකවාදයට කිසිදු විසඳුමක් නොමැති බවයි. කොරෝනා ඇතුළු එම අර්බුද විසඳා ගත යුත්තේ ගෝලීය එකමුතුවකින් බව මේ වන විට ලෝකයටම පැහැදිලි වී ඇත.

මේ තත්වය ඉක්මනින්ම පැහැදිලි කර ගැනීමට මේ වන විට කොරෝනා රෝගයට ගොදුරු වී සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හැකි වී තිබේ. බොරිස් ජොන්සන්ට අකමැත්තතෙන් වුව පිළීගැනීමට සිදු වී ඇත්තේ ඔහුගේ ජාකිකවාදයට මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නොමැති බවයි. ඔහුට මේ වන විට රෙද්දක් ඇඳ ගෙන යුරෝපා සංගමයෙන් උදව්වක් ඉල්ලීමට නොහැකි බැවින් ඔහු ඒ සඳහා පටලවා ගන්නේ G20 රටවල් කණ්ඩායමයි.

පසුගියදා America First යන්න කර තියන් ජාතිකවාදයක් වපුරා ජනාධීපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෝදනා එල්ල වූයේ ජර්මනිය ඇණවුම් කල මාස්ක් අතිවිශාල ප්‍රමාණයක් තායිලන්තයේදී අයථා මැදිහත්වීමකින් එක්සත් ජනපදයට හරවා ගත් බවටයි. ඒ ජාතිකවාදීන්ගේ ස්වරූපයයි. ඔවුන්ට මුල් වන්නේ තමා පමණය.

මෙම සිදුවීමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, G 20 රාජ්‍යයන් වෙත අවවාද කරමින් ප්‍රකාශ කලේ තමන් පමණක් ආරක්ෂණය වීමේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහිතන ලෙසයි. ඒ මගින් මෙම අර්බුදය වර්ධනය කරනු ඇති බවත් මෙ ය විසඳා ගැනීම සඳහා ජාතයන්තර එකමුතුවක් අවශ්‍ය බවත්ය. ඩේලි මේල් වෙබ් අඩවියේ වාර්තාවට අනුව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ්ද අගමැතිවරයාගේ මෙම මතය සන්නිවේදනය කර ඇත.

මෙයින් පෙනේන්නේ ජාත්‍යන්තර එකමුතු කමක්, ගෝලීය සහයෝගයක් නොමැතිව මෙම ගෝලීය අර්බුද සමනය කර ගැනීමට නොහැකි වන බවයි. ජාතිකවාදයට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නොමැති වන බවයි. විශේෂයෙන් ඉදිරියේදී ධනේශ්වර සංවර්ධන මාදිලිය විසින් ලෝකයට ලබා දෙනු ඇත්තේ ගෝලීය අර්බුදය. එම අර්බුද විසඳීමට හැක්කේ ගෝලීය සහෝදරත්වයකින් මිස ජාතිකවාදය තවදුරටත් ශක්තිමත් කරන මිලිටරි ජාතිකවාදයකින් නොවේ. උග්‍ර ජාතිකවාදියෙක් වූ බොරිස් ජොන්සන් පවා මේ තේරුමු ගෙන ඇත්තේ එයයි.

දුලාන් දසනායක.

Similar Posts