නීතිය හා සාමය ආරක්ෂා කරමින් එරට ජීවත්වන පුරවැසියන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කරමින් රට නිසි පීල්ලේ ගෙනයාමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ පොලීසිය වෙතයි. ඒ් සදහා රටේ පවතින නීති තමනුත් පිළිපදිමින්, ඒම නීති කඩන පුද්ගලයින් පමණක් අධිකරණයන් වෙත ඉදිරිපත් කරමින්, අපක්ෂපාතීව, යුක්තිසහගතව හා කර්ක්ෂමව යම් කිසි රටක පොලීසියක් ක්‍රියාත්මක නොවන්නේ නම්, කිසිදා ඒරටට දියුණුවක් ලබා ගැනීමට හැකි නොවනු ඇත.

මෑතක දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන්ම, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් බවට හෙලිවූවාක් මෙන්, අතීතයේ ද රටේ සිදු වූ සමහර අපරාධයන්ට සමහර පොලිස් නිළධාරීන් සම්බන්ධ වී ඇති බවට මේ ආකාරයෙන්ම හෙලි විය.

මෙවැනි හේතුන් නිසා බොහෝ දෙනෙකු  අතර පොලීසිය සම්බන්ධව විශාල බියක්, සැකයක්, අවිශ්වාසයක් නිර්මාණය වී තිබේ.  නමුත්, කිසිම රටකට හොද පොලිස් සේවාවක් ගොඩනැගීමකින් තොරව දියුණු විය නොහැක. මේ හේතුව නිසාම දැන් දැන් මේ පිළිබදව බොහෝ පිරිස් නොබියව කතා කරයි. ”මේ කදුලු මට විතරද” FB පිටුවේද පොලීස් සේවය තුළ ඇති විය යුතු වෙනස්කම් පිළිබද  ලිපියක් පලවී තිබුනි. ඒම ලිපිය තුළින් පොලිසිය තුළ ඇති විය යුතු වැදගත් ප්‍රථිසංස්කරණ කිහිපයක්  සාකච්ඡා කර තිබුනි. ඒහි වැදගත්කම නිසාත් මේ සාකච්ඡාව තව දුරටත් ඉදිරියට ගෙනයාමත් සදහා ඒම ලිපියෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහතින් පලකරමු.

”පොලීසිය නැමැති වචනයට මට තියෙන්නේ පුදුමාකාර කලකිරීමක්. එය මා වැරදි වැඩ කරන නිසා ඇති වූවක් නොවෙයි. මේ කලකිරීම මා මෙන්ම පවුලේ අය හට සිදු වූ අසාධාරණ වෙනුවෙන් කටයුතු කිරීමට පොලීසි වෙත යන්නට පටන් ගත් දින සිට ඇති වූවක්.

පසුගිය වසර විස්සක පමණ කාලයක සිට පොලීසියේ සහාය පැතීමට ගිය හැම අවස්ථාවකම සහ ජනමාධ්‍ය මගින් විටින් විට අසන්නට දකින්නට ලැබෙන දේවල් මගින්, මට ඇත්තේ පොලීසිය ගැන හොඳ හැඟීමක් නොවේ. පොලීසිය තුළ එක් අවස්ථාවකදී මා කල පැමිණිල්ලක් විභාග කරමින් පවතින විට ඇති වූ අසරණ කමින් මට නැගුණු අදහසක් අනුව පහත සදහන් යෝජනා ඉදිරිපත් කරමි”

  1. සෑම පොලිස් ස්ථානයක්ම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය කර ඒවා පැය 24 ම නිරීක්ෂණය කිරීම සදහා වෙනම ආයතනයක් පිහිටුවීම.
  2. පොලීසිය වෙත ලැබෙන සියලුම දුරකථන ඇමතුම් පටිගත කිරීම සහ එම ආයතනය මගින්ම නිරීක්ෂණ කිරීම.
  3. පොලීසියේ වගවීමේ ක්‍රියාවලිය අනිවාර්ය කිරීම.
  4. පොලීසිය විසින් සිදු කරන බාහිර වැටලීම් සදහා ද වීඩියෝ තාක්ෂණය කිරීම යොදා ගැනීම.

”මෙය දේශපාලන අරමුණක් හෝ බලය සදහා නොව මෙම කදුලු වේදනා මා විද ඇති නිසාය” (ඔහුගේ සම්පුර්ණ ලිපිය කියවීම සදහා  යොමුවෙන්න – https://www.facebook.com/මේ-කදුලු-මට-විතරද-114389856920970/)

Similar Posts