gossip lanka hot news sinhala

අවිවාහක 21 හැවරදි තරුණියක නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ කෝටිපති ව්‍යාපාරිකයෙකුට තරුණියගේ වැඩිමහල් සහෝදරයා එල්ල කළ කැති ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති අතර ප්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලිස්ථානයට බාරවිමෙන් පසුව (10දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගු ගෙන තිබේ.

ඝාතනයට ලක්වි ඇත්තේ සිය පෙම්වතියට උපන්දිනය පැවති දිනයේ රුපියල් කෝටි දෙකක බෙන්ස් වර්ගයේ අධි සුඛෝපභෝගි මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පසුගිය සමයේ ප්‍රසිද්ධියට පත්වූ හැව්ලොක් පාර නාවින්න හා නවම්මාවත කොළඹ ලිපිනයේ පිහිටි ප්‍රසිද්ධ සැලුන් ආයතන පවත්වා ගෙන ගිය මල්ලවආරච්චිගේ පැතුම් (38) නැමත්තායි.

ඝාතනයට ලක්වු ව්‍යාපාරිකයා (10දා) සවස ඇලයාපත්තුව ගල්පොත්තේගම වෙහෙරගල විහාරස්ථානය හා ගල්පොත්තේගම වැවේ වාන ආසන්නයේ පිහිටි සිරිසේනගේ නිවස ආසන්නයේදි කැති ප්‍රහාරයට ලක්වි බරපතල තුවාල ලබා ඇලයාපත්තුව රජයේ රෝහලට රැගෙන යමින් සිටියදි ජීවිතක්ෂයට පත්වි තිබුණි.

ඔහු කුඩා කල වසර ගණනාවක් ඇලයාපත්තුව ගල්කඩවල ගල්පොත්තේගම ප්‍රදේශයේ පිහිටි ඝාතනය සිදුකළ සැකකරුගේ නිවස හැදී වැඩි ඇති බවත් ඔහු දෙමාපියන්ගේ හව්හරනක් නොමැතිව ජීවත්වි පසුව ස්ව උත්සාහයෙන් කෝටිපතියෙකු වී ඇති බව පොලිසිය පවසයි.

වසර ගණනාවකට පෙර කොළඹ ප්‍රදේශයට ගොස් ඇති ඔහු ටික කළකදි දිවයිනේ ප්‍රසිද්ධ පුද්ගලයන් ආකර්ශනය කරගන්නා ආකාරයට සැලුන් ආයතන පවත්වා ගෙන යාම නිසා කෝටිපතියෙකු බවට පත්වි ඇති බව අනාවරණය විය.ඝාතනයට ලක්වු තරුණයා මීට සති කිහිපයකට ඉහතදි අදාල ඝාතකයාගේ නැගණිය රැකියාවක් සදහා කොළඹට රැගෙන ගොස් ඇති අතර ඇය කරදර අධික බව කියමින් නැවත නිවසට පැමිණ තිබේ.එසේ පැමිණි තරුණියව බලහත්කාරයෙන් කැටුව යාම සදහා ව්‍යාපාරිකයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග නිවසට පැමිණ ඇයව රැගෙනයාමට උත්සහ කළ අවස්ථාවේ ඊට ප්‍රකෝපවූ සහෝදරයා කැත්තෙන් කොට ව්‍යාපාරිකයාට බරපතල තුවාල සිදුකර තිබුණි.

කැති ප්‍රහාරයට ලක්වු තරුණයා නිවස ඉදිරිපිට පිහිටි වැට මතට ඇදවැටි ඇති අතර ඔහු සමග පැමිණි මිතුරන් ඔහු රැගෙන පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.සැකකාර තරුණයාගේ මව කියා සිටියේ මීට වසර ගණනාවකට ඉහතදි මරණයට පත්වූ පැතුම් නැමත්තා සිය නිවසේ වාසය කළ බවයි.

කාත්කවුරුවත් නොමැති ඔහුට සිය නිවසේදි හොදින් සැලකු බවත් පසුව ඔහු කොළඹ ප්‍රදේශයට ගොස් ඇති බව දැන ගත් බව ඈ කීවාය.මීට සති කිහිපයකට ඉස්සෙල්ලා පැතුම් ඇවිල්ලා මගේ දුවට රස්සාවක් දෙන්න කියලා කොළඹ එක්කගෙන ගියා.

ඊට පස්සේ දුව ටික දවසකින් කිව්වා අම්මේ මෙහෙ හරිම කරදරයි මම පැනලා එනවා කියලා.එහෙම කියපු දුව නිවසට ආවා.පැතුම් (10දා) සවස් කාලයේ අපේ නිවසට ආවා.දුවව බලහත්කාරයෙන් රැගෙන යන්න උත්සහ කළා.දුව නිවසේ කාමරයකට වෙලා දොර අගුළු දාගෙන හිටියේ.

ඇය කාමරයේ ඉදන් කෑගහද්දි අයියා ආවා.ඒ අවස්ථාවේ මගේ පුතා හා ඔහු අතර බහින් බස්වීමක් සිද්ධ වුණා.පස්සේ තමයි මේ සිද්ධිය වුණේ යනුවෙන් ඇය පැවසුවාය.සිද්ධියවූ ස්ථානයේ තිබී පොලිසිය ප්‍රහාරයට යොදාගත් අඩි පහක් පමණ වන මිට සහිත කැත්තක් නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ස්ථානිය පරික්ෂණයට පැමිණි විනිසුරුවරයා මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කරනා ලෙස ඇලයාපත්තුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

අත්අඩංගුවට ගෙන සිටින 35 හැවරදි සැකකරු හා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර මරණ පරික්ෂණ සාක්ෂි සදහා සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස ඇලයාපත්තුව පොලිසියට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස්මත කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ මෙහෙයවීම මත ඇලයාපත්තුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

 

gossip lanka hot news sinhala

Similar Posts