අපි හුණ්ණෝ….

අපි හුණ්ණෝ….

වැල්ලවත්ත කියන්නේ හරිම විචිත්‍ර නගරයක්. පාට පාට ජන කණ්ඩායම් එකතුවෙලා මිනිස් දේදුන්නකට. ඒකයි මේ ලස්සන! මේ දේදුන්නේ විශාල වර්ණ පදාසයක් ඉස්සරම නම් වෙන්වුණේ සිංහල නමට. කාලයත් එක්ක දැන් දෙමළ ජනවර්ගය ඒ තැන අරං. බර්ගර් වගේ ජන කණ්ඩායම් වාෂ්ප වෙලාම ගිහිං. ජා වුණත් එහෙමයි. මුස්ලිම් තවම ඉන්නවා. ඉතිං කාලෙක ඉඳලා වැල්ලවත්තේ ඉතිහාසය හොයාගෙන 1900යේ මුලට යන්න…

අගමැති දිවුරුම් දිම හැටන් සැමරුම්

අගමැති දිවුරුම් දිම හැටන් සැමරුම්

නව වන පාර්ලීමේන්තුවේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුඅරුම් දීම නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ ජනතාව 09 වන දින සැමරුම් උත්සවයක් පවත්වන ලදි. එහිදි එම ජනතාව නගර මධ්‍යයේ රතිඤඤා දල්වමින් කිරි බත් බෙදා දෙමින් මෙම සැමරුම් උත්සවය පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන්, නාගරික මංත්‍රිවරුන් වන ශෂි රත්නායක,එස්. වීජයානන්දන් යන මහත්වරුන්…

අයියාගේ බලය මල්ලීට දෙයි ද?
|

අයියාගේ බලය මල්ලීට දෙයි ද?

මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපතිවරයා ඇතුලු පොදු ජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව තුළ ගොඩනැගීමට හැකියාව ඇත. මෙම ජයග්‍රහණය සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අනෙකුත් පක්ෂයන්ගේ සහායක් නොගෙන විශේෂයෙන් සුලු ජාතික පක්ෂයන්ගේ සහායක් නොලබා…

වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ජාවාරමක්
|

වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ජාවාරමක්

ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවේ. මෙලෙස නොමිලේ වවුචර් ලබාදෙන මුවාවෙන්…

සමගි ජන බලවේගයේ අසමගිය මතුවේ

සමගි ජන බලවේගයේ අසමගිය මතුවේ

සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කර ඇත. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව පවසමින් සමගි ජනබල පක්ෂයේ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයාට අනතුරු අගවා තිබේ.  

රෝසි සේනානායකගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි

රෝසි සේනානායකගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි

කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා (64) හදිසි අසනීපයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස කැලණි පුදබිමේදී දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස කැලණි පුදබිමේදී දිවුරුම් දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙරට 28 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය. මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා දශක 5 කට අධික සිය දේශපාලන දිවියේ මීට පෙර තුන්…

19 දිවි හිමියෙන් සුරකිනවා

19 දිවි හිමියෙන් සුරකිනවා

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේදීද 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිපත්තිමය වශයෙන් සුරැකීමට තම පක්ෂය කටයුතු කරන බවයි.

බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට
|

බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට

ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බේරූට් හි  තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත. ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට…