කොරෝනා රෝහලකින් සහ නිරෝධායනයෙන් ගෙදර ආ දෙදෙනෙකු මරුට

කොරෝනා රෝහලකින් සහ නිරෝධායනයෙන් ගෙදර ආ දෙදෙනෙකු මරුට

පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරනවා. පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ දී හමු වී තිබේ. පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව…

අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් වෙයි

අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් වෙයි

මෑත යුගයේ අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් කරිමට රජයට සිදුව තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

හමුදා සාමාජිකයින් 59,000කට කොරෝනා

හමුදා සාමාජිකයින් 59,000කට කොරෝනා

අමෙරිකා හමුදා සාමාජිකයින් 59,000ක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පෙන්ටගනය වාර්තා කරයි. අමෙරිකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයින් මිලියන 1.3ක් සක්‍රීය සේවයේ සිටී. එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පසුගිය මස පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් ඇත්තේ එක් හමුදා සාමාජිකයෙක් පමණක් බවය.

ඇන්ටිජන් ලබන සතියේ සිට
|

ඇන්ටිජන් ලබන සතියේ සිට

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ. මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.  

LPL තරගාවලිය පැවැත්වීමට  අනුමැතිය
|

LPL තරගාවලිය පැවැත්වීමට  අනුමැතිය

ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. තරඟාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා තෙක් පැවැත්වීමට නියමිත බව සඳහන්.

උසස් පෙළ අදින් (6) අවසන්

උසස් පෙළ අදින් (6) අවසන්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි. කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග…

සුපිරි වෙලදසැලක් වසාදමයි

සුපිරි වෙලදසැලක් වසාදමයි

හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ සැමියා ගමන් කල හැටන් නගරයේ සුපිරි වෙලද සැල වසා දමා වීෂබීජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් හමුවු 12වන කොවිඩ් ආසාදිතයාගේ ස්වාමියා බඩු…