මිලේච්ඡ වෙළදාම ගැන ඔබ දැනුවත්ද?

මිලේච්ඡ වෙළදාම ගැන ඔබ දැනුවත්ද?

අතීතයේ සිදුකල වෙලදාම් අතරින් ඉතාමත්ම මිලේච්ඡ වෙළදාම ලෙසට අත්ලාන්තික් වහල් වෙළදාම හැඳින්විය හැක. එකී වෙළදාම හේතුවෙන් අප්‍රිකානුවන් මිලියන ගණනකට සිය නිජභූමිය අහිමි විය.කුරිරු වදහිංසා වලට ලක්කරමින් අමෙරිකානුවන් අහිංසක කළු ජාතිකයන්ගෙන් සේවය ලබාගත් අතර මෙසේ අප්‍රිකාවේ සිට වහලුන් ලෙසින් නැව් ගත කර ඇමෙරිකාවට ගෙනගොස් විකිණීම සිදුකල මුහුදු ගමන හැඳින්වුයේ “මධ්‍යම ගමන් මග” හෙවත් Middle Passageයනුවෙනි. එම…

තුන්වැනි කොවිඩ් රැල්ල ලග ලඟම එන ලකුණු

තුන්වැනි කොවිඩ් රැල්ල ලග ලඟම එන ලකුණු

ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට  කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වයිරසය මීටත් වඩා භයානක විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය. මෙම වයිරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත්…

කොවිඩ් වයිරසය 3 වැනි මට්ටමට ළඟා වෙයි

කොවිඩ් වයිරසය 3 වැනි මට්ටමට ළඟා වෙයි

කොවිඞ් 19 වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය. කොවිඞ් වසංගතයේ අදියර 4ක් පවතින අතර පළමු මට්ටමේදී විදේශවලින් පැමිණි අය වැනි පිරිස් අතුරින් කුඩා ප්‍රමාණයක් වාර්තාවීමත්,  දෙවන මටට්ම රට තුළ විශාල වශයෙන් නොපැතිරුණු එක් පොකුරක් පැවතීමත්, තුන්වන මට්ටමේදී රෝගී පොකුරු කීපයක්…

මුදල් භාණ්ඩ හුවමාරුව‍ පරිස්සමින්
|

මුදල් භාණ්ඩ හුවමාරුව‍ පරිස්සමින්

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ, නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සදහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිදු කරගැනීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවරයන් වන බවයි. මුදල් පමණක් නොව භාණ්ඩ…

කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි

කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි

රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය…

“සෞභාග්‍යයේ දැක්ම” යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

“සෞභාග්‍යයේ දැක්ම” යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා වූ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික්ක කමිටු රැස්වීම 06 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ සදහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂය නියෝජනය කරන යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාර්ලිමේන්න්තු මන්ත්‍රින් සහභාගි විය. එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන…

මෝදරින් 30වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

මෝදරින් 30වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ දින මියගොස් ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.

කලබල මැද බයිඩන් පෙරමුණට

කලබල මැද බයිඩන් පෙරමුණට

එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක් ජය ගත් පසු එකී ප්‍රාන්තයට අදාළ ඡන්ද විද්‍යාල එනම් ඉලෙක්ටෝරල් කොලෙජ් ආසන ප්‍රමාණය ඒ ජයග්‍රාහී අපේක්ෂකයාට හිමි වෙයි. එක්සත් ජනපදයේ…