සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ඒකක 6.2 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අවදානමක් හටගැනීමේ හැකියාවක් නොමැති බවයි. එම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ටයිටෑන් වාලම්පුරියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ටයිටෑන් වාලම්පුරියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ටයිටෑන් වර්ගයේ දුර්ලභ ගණයේ වාමාවෘත විශේෂ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීම සඳහා මාතලේ, රජවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ ගාලුමෝදර පිටිය ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය පැවසීය. බලපත්‍ර නොමැතිව වාලම්පුරියක් කෝටි දෙකකට මුදලකට විකිණීම සඳහා පුද්ගලයකු ගාලුමෝදර ප්‍රදේශයට පැමිණෙන බවට කොළඹ පිහිටි නාවික හමුදා බුද්ධි අංශ…

මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත

මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ,කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කරනවා. එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ මාධ්‍යවේදීන්ට අදාළ එන්නත ලබාදීමේ…

ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැහැ

ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැහැ

ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්. තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වී මස 5ක් පමණක් බවත් ක්‍රිකට් වැටීමට පටන් අරන් අවුරුදු 5ක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසු අතර සියලුම ක්‍රීඩා සඳහා අදට ගැලපෙන…

සිසුන් හා ගුරුවරුන් 81 නිරෝධානයට

සිසුන් හා ගුරුවරුන් 81 නිරෝධානයට

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පාසල් සිසුවකු ඇතුළු කොවිඩ් ආසාදිතයන් 06 දෙනකු හමුවිමත් සමග එම සිසුවා අධ්‍යාපනය හදාරන බගවන්තලාව හෝලි රෝසරි විදුහලේ සිසුන් පිරිසක් ගුරුවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ගනේෂන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ගනේෂන් මහතා පවසන ලද්දේ බගවන්තලාව…

දෙවැනි වරටත් හොඳම ව්‍යවසායිකාව වින්ධ්‍යා
|

දෙවැනි වරටත් හොඳම ව්‍යවසායිකාව වින්ධ්‍යා

මැණික් කපා ඔප දැමීමේ කලාවේ නව ඉසව් සොයා ගිය සීමාසහිත බ්‍රිලියන්ට් කට් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා මෙනෙවිය සබරගමු පළාතේ වසරේ හොඳම ව්‍යවසායකයා – 2020 සම්මාන උළෙලේදී සාම්ප්‍රදායික නොවන අංශයේ හොඳම ව්‍යවසායිකාවට හිමි රන් සම්මානය අඛණ්ඩව දෙවැනි වතාවටත් දිනා ගත්තාය. ලාබාල වයසින්ම විශිෂ්ට කුසලතාවක් පෙන්වන වින්ධ්‍යා පෙරේරා තමාගේම මැණික් කැපීමේ සන්නාමයක් ලස්ටර් ඩිසයින්, නමින්…

ෆ්ලොරිඩාවේ පරිගණක පද්ධතියට රිංගූ හැකර්

ෆ්ලොරිඩාවේ පරිගණක පද්ධතියට රිංගූ හැකර්

ෆ්ලොරිඩාවේ නගරයක ජල සම්පාදන ක්‍රමයේ පරිගණක පද්ධතියට රිංගූ හැකර්වරයකු එම ජලයට එකතු කරන භායානක රසායනිකයක් වැඩියෙන් එකතු කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කර ඇත. ඕල්ඩ්ස්මාර් ජල පිරිපහදු පද්ධතියට මෙසේ ඇතුළු වී ලයි වශයෙන් හඳුන්වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් රසායනික ද්‍රව්‍යය එකතු කරන ප්‍රමාණය ඉහළ දැමීමට උත්සාහ දරා ඇත. ලයි නම් එම රසායනිකය ජලයේ ආම්ලිකතාව වර්ධනය කිරීමට යොදා…

ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි

ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි

කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වෙළෙදසැල් ආශ්‍රිතව හමුවීම හේතු කොටගෙන ගම්පහ නගරයේ පිහිටි වෙළෙදසැල් කිහිපයක් වසා දැමීමට පියවර ගන්නා බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේය. ඉකුත් දින 04 තුලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280ක් පමණ සිදු කර තිබෙන අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් 975කට කොරෝනා – දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය වාර්තා වෙයි

තවත් 975කට කොරෝනා – දිනක වැඩිම ආසාදිත ප‍්‍රමාණය වාර්තා වෙයි

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 975 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 71,201 දක්වා ඉහළ යයි. කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ යයි.