පුරාවෘතයක් බදු වූ මංගල

Mangala-Samaraweera

මංගල මාතර දේශපාලණය ආරම්භ කරන විට දකුණේ දේශපාලණය ඉතා බැරෑරුම් තත්ත්වයක් ඉසිලීය. දකුණේ පැවති භීෂණය විසින් ඒ වන විටත් සැලකිය යුතු තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබූ නිසා, තම දරුවන් සොයා හඩා වැලපෙමින් පාරවල් දිගේ ඇවිද ගිය සැලකිය යුතු මව්පියන් පිරිසක් මංගල සොයා ද පැමිණියේය. මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සැලකිය යුතු පසුබෑමකට ලක් වී තිබීමත්, සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ නායකත්වය පක්ෂය තුළම යම් අභියෝගයට ලක් වී තිබීත් හේතුවෙන්, නව නායකත්වයක් ඉල්ලා පක්ෂය තුළින්ම අරගලයක් ආරම්භ වී තිබුනි. ඒ සදහා මුල් අවස්ථාවේ විවිධ අය උත්සාහ කළත් පසුව ඒය බණ්ඩාරනායක…

Read More

ගෘහ සේවිකාවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් පෙරට!

protect

කොවිඩ් වසංගය හේතුවෙන් රජය විසින් පනවා ඇති නිරෝ‍ධායන  ඇදිරි නිතිය හේතුවෙන් අසරන තත්වයන්ට පත්ව ඇති ගෘහ සේවයේ යෙදි සිටින කාන්තාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 වටිනා මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපතිනි හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කරුපයියා මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් පිට ප්‍රදේශවල ගෘහ සේවයේ යෙදි සිටින පිරිසක් මේ වන විට තම නිවාසවලට පැමින නැවත අදාල ස්ථාන වෙත යාමට නොහැකිව සිටින බවත් එසේ සිටින ගෘහ සේවිකාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 බැගින් මුදල් වවුචර…

Read More

මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට

kandy

මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල, කටුකැලේ, දොඩම්වල සහ වෙල්අට යන ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් සඳහා අද දින මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ දී එන්නත්කරණය සිදුවෙයි. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී අද එන්නත් ලබාදීම සිදු වන්නේ අරුප්පල බටහිර, වටපුළුව, වටපුළුව බටහිර, වටපුළුව…

Read More

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි!

lohan

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම…

Read More

කැන්බරා තවත් සති 04 කට වැසේ

kanbara

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පනවා තිබූ ලොක්ඩවුන් තත්ත්වය තවත් සති 04 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ  ඊයේ (14) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් තහවුරු වීමත් සමඟය. එරට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ එළඹෙන 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහාය. මේ අනුව කැන්බරා නගරයේ නව සංචරණ සීමා අවසන් වනුයේ ඔක්තෝම්බර් 15 වනදාය.

Read More

තොරතුරු දැනගැනීමේ පනත නිසා ජයග්‍රහණය කල ඓතිහාසික නඩු තීන්දුව

law

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දෙනු ලැබුවා. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කර තිබෙනවා. මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ…

Read More

අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව තවදුරටත් දීර්ඝ කරනු එපා!

dammika

වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමේ පදනමින් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුව තවදුරටත් දීර්ඝ කිරීමට  රජයේ උත්සාහ කරන බවට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ රජය විසින් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුකාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමේ  උත්සාහයක් පවතින බවයි. “අප දිගින් දිගටම ඉල්ලා සිටියේ මෙම අභ්‍යාසලාභී 2021 සැප්තැම්බර් 3 දිනට වන සේ ස්ථිර කරන ලෙසයි.” ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පෙන්වා දෙන පරිදි අභ්‍යාසලාභීන් පසුගිය වසරක කාලය තිස්සේ පාසල් වල ඉගැන්වීමේ කටයුතු, සෞඛ්‍ය කාර්යාලවල රාජකාරි, වසම්වල රාජකාරි සහ කාර්යාලගත රාජකාරි සිදු කර තිබේ. “වසංගත…

Read More

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමති ගැන වහා විමර්ශනයක් කරන්න !

mp rohana bandara

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ආයුධ සන්නද්ධව අනුරාධපුර බන්ධනාගාරයට ගොස් උපරිම ආරක්ෂක සිර මැදිරියේ (මැක්සිමස්) රදවා සිටි අංක 140 සිරකරුගේ හිසට පිස්තෝලයක් එල්ල කිරීමට විරෝධය පලකරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා. මේ ඇමතිතුමා හරිම ප්‍රසිද්ධයි ගිණි…

Read More

පාසල් දරුවන්ට ලබා දෙන කොවිඩ් එන්නත යළි සමාලෝචනයට!

keheliya

පාසල් දරුවන් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම යළි සමාලෝචනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවීඩ් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද ඒ පිළිබදව අවධානය යොමු කළ බව අමාත්‍යවරයා කීවේය. ඒ අනුව අද  (15) දිනයේදී ඒ සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් පවත්වන බව ඒ මහතා මහනුවර දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළේය. පෙර පාසල් දරුවන්ට එම අධ්‍යාපනය අහිමිවුවහොත් එම අවස්ථාව යළි ලබාගැනීමට නොහැකි බව අධ්‍යාපනඥයන් ප්‍රකාශ කොට ඇතැයි අමාත්‍යවරයා කීවේය. ඒ  නිසා අවුරුදු 12 සිට 18 දක්වා දරුවන්ට එන්නත ලබාදීම මෙන්ම අවුරුදු 07 සිට 13 වයසේ…

Read More

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

lasthi-malinga

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර තිබෙනවා. ” වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා. තෙරුවන් සරණයි!”

Read More