රුපියල් 2000 ට කොටගල උද්ඝෝෂණයක්

kotagala

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ රජය මගින් ලබා දෙන බව පැවසු රුපියල් 2000 මුදල නිසි ලෙස ලබා නොදෙන බව පවසමින් ප්‍රොටෙක්ට් සංගමයේ සමාජික සමාජිකාවන්  පිරිසක් කොටගල ඩ්‍රේටන් වතුයායේදි නිහඩ උද්ඝෝෂණයක්  පවත්වන ලදි. රජය මගින් දින 10ක නිරෝධාන ඇදිරි නිතිය පනවන විට අදායම අහිමිවන අයට රුපියල් 2000 බැගින් ලබා දෙන බව පැවසුවද එම මුදල් තමන්ට නිසි ලෙස නොලැබෙන බව ඔවුන් චෝදනා කරති. මෙම තත්වයන් පිලිබදව ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා අදහස් දක්වමින් පවසන ලද්දේ මෙම ආධාර මුදල් ලබා ගැනිමට යාමේදි සමහර ග්‍රාම නිලධාරින් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එම මුදල් ලබා…

Read More

වල් නාශක නැතුව කුඹුරේ හැදෙන්නේ තණකොළ විතරයි !

govi mithuro

මේ දිනවල කූට වෙළෙඳුන් ගොවියන් ගසා කමින් ඉතාම ඉහළ මිලගණන්වලට කෘ ෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේ ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත් ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු හැදීමට දගලමින් සිටින බවත් ගොවි බිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි. එම ගොවි සංවිධානය මෙම චෝදනා එල්ල කළේ අද  (23) දහවල් කැදවා තිබූ මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති  ආතර් තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. “ මේ වෙනකොට වල් නාශක…

Read More

මහාචාර්ය ඩබ් .ඩී. ලක්ෂ්මන් කිව්වේ ඇත්තද? බොරුද?

mahacharya

ඩබ්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා වාමාංශික අදහස් දරන කෙනෙකි. ඔහු කලක් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දැරුවේය. එය වනාහි කුමාරි ජයවර්ධනගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයකි. 1970-77 යුගයේ ආර්ථික මූලෝපාය ගැන ලක්ෂ්මන්ට සුබවාදී දැක්මක් තිබුණු බව පෙනේ. අසූහැවිරිදි වියට ළංවෙමින් සිටින මෙම පුද්ගලයා මහබැංකු අධිපතිකමට යෝජනා කර තිබෙන්නේ ආර්ථික ඝාතකයකු යයි විමල් වීරවංශ විසින් පවා හඳුන්වාදෙන ලද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසිනි. 2015 මැතිවරණ පරාජයෙන් පසු නිකවැරටිය පැත්තේ කාබනික ගොවිතැන කරමින් සිටි බව කියන ජයසුන්දර සිය විනෝදාංශය රටට ආදේශ කර මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය පවා ඝාතනය කර හමාරය. ඔහුත්, ඔහුගේ ප්‍රධානීන්…

Read More

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ්

brasil

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පැය 19ක පමණ කාලයකට පෙර එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද හමු වී ඇති බව සඳහන් වේ.

Read More

වැල්වැටිතුරෙයි සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහෙයි

vavniya

යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහි නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙසට ස්වාධීන කණ්ඩායම යටතේ නගර සභාවට තේරී පත්වු එස්.සෙල්වේන්ද්‍ර තේරී පත්වු බව නගර සභා ආරංචි මාර්ග පවසයි. නගර සභා ආරංචි මාර්ග පැවසූවේ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ කෝනලිංගම් කරුණානන්දරාසා කොවිඩ් ආසාදිතව පසුගියදා ජිවිතක්ෂයට පත්විය. අනතුරුව නගර සභාවේ නව නගරාධිපතිවරයා තෝරා ගැනීමේ ජන්ද විමසීම  පැවැත්වූ අතර නගර සභාවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ සෙල්වේන්ද්‍ර තේරී පත්වූ බව සදහන්. පූර්ණ සෞඛ්‍යාරක්ෂිත නියෝග අනුගමනය කරමින් නගර සභාවේ ජන්දය පැවැත්වු බව ද නගර සභාව පැවසූහ.

Read More

විශ්ව ශක්තිය හිමි රාජකීය වෙදදුරු කොවිඩ් වලින් මරුට

dr.eli

විශ්ව ශක්තියෙන් කොරෝනා සුව කරනවා කියූ වෛද්‍ය එලියන්ත වයිට් මහතා මිය ගොස් ඇත. කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන  බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර තිබුණේ සැප්තැම්බර් මස මුල් සතියේය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි පා කිරීමේ සිද්ධියත් සමඟිනි. එලියන්ත් වයිට් මහතා  පුද්ගලික රෝහලට ඇතුල් කිරීමේදී ඔහුගේ ඇතුලත්වීම කොවිඩ් ලෙස සඳහන් නොවිණි. නමුත් පසුව එය කොවිඩ් ආසාදිතයකු ලෙසින් ඇතුලත් කරන ගොණු වල සටහන් යොදා තිබිණි. කෙසේවෙතත් සති කිහිපයක්ම රෝහලේ ප්‍රතිකාර…

Read More

වයිට් ඔබට සුබ ගමන්….!!

eliyanthe-white

එලියන්ත වයිට් සුරළොව ගිහිං කියලා ආරංචියි. මටනම් හිතෙන්නේ මිනිහා යන්න ඇත්තෙ කොවිඩ් නිසා එහෙ ගිය අය ආයෙත් මෙහේ එක්කරගෙන එන්න වෙන්න ඇති. කාලයක් රාජකීය වෙදා. ලොව පරසිදු ක්‍රීඩකයන් යතාවත් කළ ඉසිවරයා. ගොඩක් අය කිව්වේ මිනිහා රස සංයෝග කාරයෙක් කියලා. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. කාය ශක්තිය වඩවන්න බැහැපු අවයව කෙළින් කරන්න පුලුවන් පාරම්පරික ඔසු වගේම නවීන විද්‍යාවෙන් නිපන් ඔසුත් තියෙනවා. ඒවා බොනවා කියන්නේ අතුරේ යනවා වගේ තමයි. බැහැපු එකක් කෙළින් කරන්න තෙල් සාත්තුවකට පුලුවන් උනාට ලේ අස්සේ දුවලා පෙනහළු ඇතුලේ සැඟවෙලා ගේම ගහන කොවිඩ් වගේ වෛරසයක් එහෙම තෙල් සාත්තුවකින් බේරගන්න…

Read More

පිත්තල භාණ්ඩ සොරා ගෙන පොලිස් දැලේ

piththala

බොරලැස්ගමුව පොලිස් වසමේ මයුර මාවත ප්‍රදේශයේ පවත්වාගෙන යන මංගල උත්සව අලංකරණය සඳහා පිත්තල භාණ්ඩ  ලබාදෙන ආයතනයක් බිඳුම් කර රුපියල් ලක්ෂ දහයකට වඩා දේපල හා පිත්තල භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු සොරකම් කර සඟවා තිබූ පිත්තල භාණ්ඩ රැසක් සමග ඊයේ  (22) දින අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. සැකකරු සොරාගත් පිත්තල භාණ්ඩ පරණ යකඩ හා බෝතල් පත්තර විකිණීමේ ආයතනයකට පිත්තල බරට රුපියල් 16,000/= වැනි අඩු මුදලකට විකුණා තිබියදී සොයා පොලිස් භාරයට ගත් බවත් පොලීසිය පැවසීය. ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරු  42වැනි වියේ පසුවන විවාහක අයෙක්  බවත් තදින්ම මත්කුඩු පානයට හා අයිස් මත්ද්‍රව්‍ය…

Read More

හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි

eliphent

ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ. වනජීවී අමාත්‍යවරයා පවසන්නේ  මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවය. වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ ( 22)   පාර්ලිමේන්තුවේදී ඒ බව සදහන් කළේ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත් කෙටුම්පත යටතේ නියෝග කිහිපයක් සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමිනි. පෞද්ගලික හිමිකාරිත්වය යටතේ සිටි අලි ඇතුන් 49 දෙනෙකු පිළිබදව පසුගිය රජය අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබුනි. අලි ලියාපදිංචිය…

Read More