ජනමාධ්‍ය ඇමති ලැජ්ජාවට පත් වු කරුණක් ගැන කියයි

dalas

පසුගිය සතියේ මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක මාධ්‍යවේදීන් විසින් පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය හඹාගෙන යන සිද්ධියක් පිළිබඳව අද වැනි දිනයක් ආරම්භ කරන විටම අසන්නට ලැබීම කණගාටුවට මෙන්ව ලැජ්ජාවට කරුණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබදව කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී කණගාටුව ප්‍රකාශ කළ බව ඔහු පවසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන විශ්වීය දිනය තුළදී ම සිදු නොවිය යුතු මෙවැනි සිද්ධියක් පිළිබඳ කනගාටුව මෙන්ම ලැජ්ජාව කරුණක් වු අතර අග්‍රාමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යවරයා මේ පිළිබඳව ඒ අවස්ථාවේදීම දැනුවත් කළා පමණක් නොව අපගේ විරෝධය දන්වා සිටීමට සහ ඊට එරෙහිවීමට…

Read More

තොරතුරු එන්නත සහතික කිරිම

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ ” තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු ” යන මැයෙන් සැමරුම් උළෙලක් හා සජීවි සංවාද මණ්ඩයක් සංවිධානය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී ඇති කරගත් 38C 57 යෝජනා සම්මතය අනුව තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය සෑම වසරකම අදට (28 ) යෙදී තිබේ. අද (28) පස්වරු 3.00 සිට සුම් තාක්ෂය ඔස්සේ පැවැත්වෙන මෙම සංවාද මණ්ඩපය සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු කථානායක කරු ජයසුරිය, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More

ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය

german

වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. ඒ අනුව, ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස එම ධුරයට පත් වනු ඇත්තේ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ නායක 63 හැවිරිදි ඕලෆ් ෂොල්ස් ය.

Read More

තද වැසි නිසා මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම ඉහළට

casalri

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි. මෙම වැසි තත්වයන් ඉදිරියටද පැවතියහොත් මෙම ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට පැමිනිය හැකි බවත් එසේ වුවහෝත් එම ජලාශවල වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Read More

එන්නත්කරණයයි පාසල් විවෘත් කිරිම අතර සම්බන්ධයක් නැහැ – GMOA සභාපති

dr.padeniya

කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබි නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මිහින්තලයේ පැවති උත්සවයකට (27දා)සහභාගි වෙමින් මාධ්‍යවේදින් යොමු කළ පැණයන් කිහිපයකට පිළිතුරු සපයමිනි. එහිදි වැඩිදුරටත් කථා කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා. වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ දුර්මතයන් පැතිරි යනවා.…

Read More

ඉහළ ගිය වාහන මිලට මොකද වෙනනේ

vehicle

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි. නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත නිසා සාමාන්‍ය පරිදි වාහන ආනයනය සඳහා අද හෙටම අවසර දීමට හැකියාවක් නැති බවද ඔහු පැවසීය. වාහන ආනයනකරුවෙකු කියා සිටියේ කුමන ආකාරයෙන් හෝ වාහන ආනයන ආරම්භ කලහොත් දැනට දේශීය වෙලදපලේ විශාල වශයෙන් ඉහල දමා ඇති වාහන…

Read More

කොවිඩ් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන එන්න සුදානම් – යුද හමුදාපති

army

කොරෝනා ප්‍රතිශක්තීකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටට  ගෙන එන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 53.2කට මාත්‍රා දෙකම ලබාදී ඇති අවස්ථාවක තුන්වන මාත්‍රාවක් පිළිබදව ඇතැම් පාර්ශව තුළ අවශ්‍යතාවයක් මතුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සංවත්සරය නිමිත්තෙන් යුද හමුදා ධජ, දන්නධාතූන් වහන්සේ වෙත පූජා කොට ආශිර්වාද ගැන්වීම ඊයේ  (27) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා ධජය පෙරටුව, ස්වේච්ඡා බල සේනාව,…

Read More

කටුනායක PCR පරීක්ෂණාගාරය දින දෙකයි

karunayake-pcr

ගුවන් මගීන් සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු PCR පරීක්ෂණාගාරයේ කටයුතු ආරම්භවී දින දෙකක් ඇතුළත එහි වැඩ හකුළාගෙන තිබේ. මෙය ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුනේ ඉකුත් 25 වනදායි. තාක්ෂණික කටයුතු සකසා අවසන්වීමටත් පෙර එය විවෘත කර ඇති බවට එහි අභ්‍යන්තරය දන්වා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය එම අංශයේ වාර්තාවන් ගැන සෑහීමකට පත්ව නැති අතර ඉකුත් දින දෙකේදී එම පරීක්ෂණාගාරයේ තාක්ෂණික දෝෂ හේතුවෙන් PCR පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයන් සිදුවූ බවටද වාර්තාවිය. මේ හේතුවෙන් ගුවන් මගීන් රැසක් පීඩාවට පත්ව ඇත.

Read More

සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර

rice

සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ අනුව සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබේ. වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණය ගෙන ඇත. කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ඊයේ (27) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා විය. මේ අතර, කොළඹ වරායේ සිරවී ඇති…

Read More