bandula

රුපියල් 100 ට වඩා අඩු මිලට සතොස මගින් සහල් – අමාත්‍ය බන්දුල ගුණවර් ධන කියයි

සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට ලබන සතියේ සිට මිලදී ගත හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සහල් තොගය හෙට දිනයේදී මෙරට වරායට ලැබෙන බව මහනුවර හාරගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. සතොස ආයතනයේ හාරසිය දහඅටවන පාරිභෝගික නව ශාඛාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (09) සිදුවූ අතර එහි පැවැති…

ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

මහනුවර යුගයට අයත් (සමාධි බුද්ධ මුද්‍රාව) දඹරනින් නිමකළ මිල කළ නොහැකි බව කියන කිලෝග්‍රෑම් 22ක බරින් යුතු බුද්ධ ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ  (09) උපාය දූතයෙකු යොදවා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්…

fish
|

විසිතුරු මත්ස්‍ය වගාවට හොඳ ඉල්ලුමක්!

විසිතුරු මත්ස්‍ය  අපනයනයෙන් ලංකාව 7 වන ස්ථානයේ පසුවන බවත් ඉන් අපට හිමි ඩොලර් මිලියන 347ක ප්‍රමාණයෙන් දැනට සියයට 4ක් පමණ වූ ඩොලර් මිලියන 14ක ආදායමක් පමණක් ලබන බවත් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය  වගා කරුවන් ට ආධාර බෙදා දීමේ උත්සවයකට ඊයේ  (09) සවස සහභාගී වෙමිනි….

maduruwa

දෙමස්සිනාලා ‘මදුරුවන්’ උස්සා පොලීසියට මාට්ටු වෙයි

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කලක සිට අතුරුදන් වූ ‘මොෆෙඩ්’ නමින් හඳුන්වන කුඩා යතුරුපැදි (මදුරුවා) සොරකම් කළ මස්සිනාලා දෙදෙනකු සොරකම් කර විකුණා තිබූ යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිස් නිලධාරීන් සමත් වී තිබේ. පේරකැටිය, අංජලිගම, වදිනහෙළයාය,‍ ගම්පංගුව,‍ රඹුක්කැටිය ආදි ප්‍රදේශවලින් සොරකම් කර ඇති මේ යතුරුපැදි ඒවායෙහි චැසි අංක වෙනස් කරමින් විවිධ පුද්ගලයන්ට විකුණා ඇත. මෙලෙස…

elepaht89

මහකනදරාව එළි කර කකුල් දෙකේ අලි හැදූ ගෙවල්වල දැන් ඉන්නේ කකුල් හතරෙ අලි

මිහින්තලය යනු ලොව ප්‍රථම අභයභූමියයි. ලොව ප්‍රථම හරිතාගාරය කියාද හැඳින්විය හැකි අතර මේ අභයභූමිය අක්කර 542ක් පුරා විහිදී ඇත. ඉන් පෝෂණය වන ගහකොළ හා සතා සිව්පාවුන් වැසිවලදී හමා යන සිහින් මදනල සමඟින් පරිසරයේ සොබා සෞන්දර්යය මනාව කියාපානු ඇත. එහෙත් මේ පරිසර පද්ධති බොරලු කැපීම්, පුරා වස්තු විනාශ කිරීම්, රක්ෂිතයන් අමු අමුවේ කපා දැමීම්, ඉඩම් කොල්ල…

light

ලෙබනනය අදුරේ

ලෙබනනයේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථාන දෙකක හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ (09) රාත්‍රියේත් රට අඳුරේ ගිලී පැවතියේය. මෙලෙස විදුලිය විසන්ධි වී තිබෙන්නේ ලෙබනනය ආර්ථික ගැටලු කිහිපයකින් පීඩා විඳින පසුබිමකය. විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා ඩීසල් හිඟවීමෙන් සෙනසුරාදා සිට ඒවායේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් බිඳවැටී තිබේ. පවතින වාතාවරණය තුළ ලෙබනනයේ දිළිඳු භාවය ඉහළ ගොස් ඇති අතර…

car
|

රේගු උපදෙස් නොමැතිව කෝටි ගණන් වටිනා වාහන විනාශයට

වසර එකහමාරකට පමණ පෙර ආනයනය කළ කෝටි ගණන් වටිනා වාහන හාරසීයකට වැඩි ප්‍රමාණයක් කොළඹ හා හම්බන්තොට වරායන්වල විනාශ වෙමින් පවතින බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. 2019 මාර්තු මාසයෙන් පසුව වාහන ආනයනය නතර කිරීමෙන් පසුව මෙම වාහන ඇණවුම් කර ඇත. ඒ අනුව වරායේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයක් හා හම්බන්තොට වරායේ වාහන 121ක් ඇති බව සඳහන්…

corona

අවු. 20ට වැඩි එන්නත් නොගත් අය අල්ලන්න වැඩපිළිවෙලක්

මේ වනතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ඒ පිළිබඳ දත්ත ලබා ගන්නා අතර එන්නත් ලබා නොගත් එම වයස් කාණ්ඩවල පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබන 11 වැනිදා අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා…

oman
|

ඕමාන 20 යි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඕමානය සමග පැවැති තරග දෙකකින් සමන්විත 20 යි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන සහ අවසන් 20 යි විස්ස තරගයෙන් කඩුලු පහක ජයක් අත් කර ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

පොඩි පැටිව අල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් පොඩි පැටි අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(09) අලුයම වැලිපැන්න ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මේ මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.