ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ ඔස්සේ ඔවුන්ගේ විසඳුම් හඳුනාගැනීමට සිදුවී තිබේ. ඒ බොහෝ විසඳුම් පවත්නා ක්‍රමය රැකගැනීම සඳහා පැලැස්තරය. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් සහන ණයක් ලබාගැනීම වැනි ඒවාය. එහෙත්, එම විසඳුම් තුළම අභියෝගය ද තිබේ. එනම්, ජාත්‍යන්තර…
Read MoreDay: December 20, 2021
ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනයෙන් ඉවත් වෙන ලකුණු
රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන ද ගැමුණු විජේරත්න මහතා පැවසීය.
Read Moreදොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව
දොස්තර ශාෆි නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය පහත දැක්වේ. එහි ඔහු පවසන්නේ අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදීත්, එකී කාලය සම්බන්ධයෙන් වැටුප් නොගෙවීම පිළිබඳ හේතු දක්වන ලෙසයි. දොස්තර ශාෆි සේවයෙන් නෙරපා හැරීමක් හෝ ඔහුගේ වැඩ තහනම් කිරීමක් හෝ සිදුවී නැත. සිදුකර තිබෙන්නේ ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 20වන වගන්තියේ දැක්වෙන පරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමකි. මෙහිදී ඔහුගේ වැටුප් ගෙවීම නතර කිරීම සඳහා කිසිදු…
Read Moreහැටන් නල්ලතන්නිය නව බස් සේවාවක්
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් නල්ලතන්නිය නව බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ලංගම ඩිපෝ අධිකාරි ජානක කුමාර මහතාගේ උපදෙස් මත හැටන් නල්ලතන්නිය නව බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය. ඒ අනුව කොළඹ කොටුව හා බදුල්ලේ සිට හැටන් දුම්රිය ස්ථානයට දුම්රියන් පැමිනෙන වේලාවන් අනුව හැටන් සිට නල්ලතන්නිය දක්වාත් නල්ලතන්නිය සිට හැටන් දක්වාත් ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් දුම්රිය ස්ථානය…
Read Moreමහින්දේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය ජනවාරි 03 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ අද (20) නියෝග කළේය. රිමාන්ඩ් භාරයේ සිටි විත්තිකරුවන් අධිකරණයට ගෙන ඒමකින් තොරව අද (20) උදෑසන මෙම නඩුව යිළි සැළකිල්ලට ගත් අවස්ථාවේ දී ගාල්ල පොලිස් විශේෂ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක උදයකාන්ත අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම සිද්ධියේ තවත් ප්‍රධාන සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට සිටින බවයි.
Read Moreගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට
ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19) සමත් විය. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 64 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය. ලකුණු 189ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 5ක් කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි. එම තරගයෙන් පරාජය වූ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල සහ නිරෝෂන් දික්වැල්ල මෙහෙයවන දඹුල්ල ජයන්ට්ස් පිල…
Read Moreඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි
සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මිලියන 23 ක පමණ ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනයටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ රටේ ගුරැවරැන්ගෙන් සියයට හැත්තෑවකට වැඩිපිරිසකට මාස තුනකට වැඩි කාලයක් වැටුප් හිමිව නොමැති බවයි. ආර්ථික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ බිදවැටී ඇති බවද එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මෙහිදී පෙන්වා දී තිබේ.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙන ලකුණු
පසුගියදා වසා දමා තිබී විවෘත කරන්නට යෙදුණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුව ඇති බව ය. පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්‍රමාද වූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඒ අනුව දැනට ඇණවුම් කර ඇති බොරතෙල් ලබන ජනවාරි 25 වැනිදා වනවිට පමණ මෙරටට ලැබීමට නියමිත ය. එම තත්ත්වය තුළ බොරතෙල් මෙරටට ලැබෙන තුරු ජනවාරි මුල් සතියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමේ…
Read MoreGMOA දිස්ත්‍රික්ක කිහිපයක වර්ජනයක් අරඹයි
දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (20) උදෑසන 8 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ , මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වර්ජනය ක්‍රියාත්මක බවය. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
Read More