සාඟතයට මූන දෙන්න එක එක කෙනා එක එක කයිය. මේ මගේ දෙවෙනි කයිය. ගිය සතියේ මස් ගැන කයිය. මේ කොළ සහ අල ගැන කයිය. ඉස්සර නුවර මාලිඟාවේ කෑම සුත්‍රයේ වැඩි හරියක් තිබුණේ කොළ. පලා කියලත් කියනවා. මේක මම දන්න කොළ සහ අල ගැන. තව කෙනෙක් ඉන්න පුලුවන් මීට වඩා කොළ කාලා තියෙන. ඒ අය සමාවෙන්න ඕනී. ගොටුකොළ මම හොඳට කොළ කාපු මිනිහෙක්. පොඩි කාලේ කෑවෙම ගොටුකොළ. ‘ඒ නිසා තමයි උබට දුර පේන්නේ’ අපේ අම්මා මේ ගොටුකොළ මතකය අවුස්සනකොට කියනවා. අපේ ගේ ඉස්සරැහින් ගඟ. ගඟට මායිම් වෙලා අනික් පැත්තේ කොකින් කියන…
Read MoreDay: June 3, 2022
තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?
මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි. එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට නැත. ඔවුහු වහ වහා තීරණ ගනිති. එසේ කරන්නට සිදුවී තිබේ. ඒ තීරණ වැඩිහරියක් තිත්ත, කටුක ප්‍රතිඵල ජනතාවට ලබාදෙන ඒවාය. එහෙත් පැණිරස බෙහෙත් තියා, පැනඩෝල්වත් රටේ නැත. තීරණ ද විවේචනය කළ හැකිය. උදාහරණයක් ලෙස පොළී අනුපාතික…
Read Moreවන සංරක්ෂණ ඇමති කොස් කඩන්න අවසර දෙයි
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට මහ ජනතාවට බලපත් නිකුත් කරන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ ඇමති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් 3,000ක් පමණ දිවයින පුරා පිහිටා තිබෙන බවත් මෙම ඉඩම් සියල්ලේ ම කොස් වගා කර ඇති අතර එම ගස්වල හට ගන්නා ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට වැටී කුණු වී යන බව නිලධාරීන් එහිදී පෙන්වා දී තිබේ. ආහාර අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ පෝෂණ ගුණය බහුල කොස්, දෙල් වැනි ආහාර අපතේ යෑම වැළැක්විය යුතු බව ත් වන සංරක්ෂණ ඉඩම්වල ඇති කොස් පලදාව…
Read Moreබොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි
ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී තිබේ. ජීවිතක්ෂයට පත්වීමට පැය කිහිපයකට පෙර, KK බටහිර ඉන්දියාවේ කොල්කටා නගරයේ ශ්‍රීමත් ගුරුදාස් මහාවිද්‍යාල විද්‍යාලයේ නස්රුල් මංචාහි ප්‍රසංගයක් ද පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඔහු හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත ගායනා කළ ගායකයෙකි.
Read Moreගෑස් අවසන් පෝලිමේ නො සිටින්න
අදින් පසු ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නො සිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පසුගිය දා දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් අදින් බෙදාහැරීම අවසන් වන අතර, අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16000ක් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට බෙදා හැරෙන බව ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කරයි. යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට ළගා වන්නේ අනිද්දා දිනයේදි යි.
Read Moreරජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍ර
රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන් සඳහා විදේශිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සංචාරක ක්ෂේත්රයේ නියුතු ව්‍යාපාරිකයන්ට ණය ගෙවීම් සඳහා ලබා දී ඇති වාරිකවල කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ද කටයුතු කරන බවයි.
Read More21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු යෝජනා 07ක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු ප්‍රධාන යෝජනා 07ක් ඇතුළත් ස්වාධීන පක්ෂ එකමුතුවේ යෝජානවලිය අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ ඇමතිවරයාට භාර දී ඇත. නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එම ධුරයට අමතරව දැරිය හැක්කේ ආකරක්ෂක අමාත්‍ය ධුරය පමණක් බව ස්වාධීන පක්ෂ එකමුතුව සකස් කරන ලද යෝජනාවලියේ සඳහන්ව ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ රටක් සමග ගිවිසුමක් අත්සන් කරනවා නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බව එම යෝජනාවලියෙන් පෙන්වා දී තිබේ.
Read Moreරිජ්වේ රෝහලේ දරු පැටවු බඩගින්නේ
දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු වුවද මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල තුල මස් මාළු බිත්තර පරිප්පු හෝ අන්තර්ගත නොවන බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දෛනික රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත්වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද සදහන් වේ.
Read More