ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ඉන් අනතුරුව ඔහුට ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍ය ධුරයක් හිමිවීමටද නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.
Read MoreDay: June 8, 2022
ඉංජිනේරු මාෆියාව නිසා අපට අහිමි වූ පාවෙන සූර්ය බලාගාර
ශ්‍රී ලංකාවට අවසන් අවස්ථාවේදීත් මුලු ධාරිතාව 400 MW වන පාවෙන සූර්ය බලාගාර ( floating solar) ව්‍යාපෘති 2 ක් යෝජනා කල ව්‍යාපෘති උපදේශකයෙකු ලෙස කණගාටුවෙන් ලියා තබමි. අද දින විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කතාව අසන විට .., නොදැනීම දෑස් කඳුළින් තෙත් උනේ ඇත්තටම වසර ගණනාවක් පුරාවට අපි කරන්න උත්සහ කරපු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නැවත නැවතත් ස්මරණය වීමෙනි. සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ න්‍යෂ්ටික බලශක්තිය වැනි පුනර්ජනනීය ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ නිසිකලට සිදු උනානම්… අද බලශක්ති අර්බුධයක් ලෙස අපේ රටට අත්ව තිබෙන ඛේදනීය ඉරණම කිසිදාක අත් නොවනු ඇත. මාෆියාව ඒ…
Read Moreතමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න
හැම වෙලාවේම ජාත්‍යන්තර රටවල් කියන්නේ ‘තමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න.ඊට පසුව අප උදව් කරන්නම්”යනුවෙන් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. ඉන්දියාව තෙල් දේවි යැයි වගකියන්නට නොහැකි බව කී රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට තෙල් දෙනවාට ඉන්දියාවේ සමහර අය විරුද්ධ බවද පැවසීය.
Read Moreලිට්රෝ පාරිභෝගිකයන්ට නිවේදනයක්
අද (08) දිනයේත් ලිට්රෝ ගෑස් බෙදා දීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම නිවේදනය කරයි. එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ දින කිහිපයකින් පසු යළි ගෑස් බෙදි දීම ආරම්භ කරන බවයි. මේ නිසා අද දිනයේ ගෑස් ලබා ගැනීමට පෝලිම් වල නොසිටින ලෙස මහජනතාවට ලිට්රෝ සමාගම දැනුවත් කරයි.
Read Moreමීළඟ පෙට්‍රල් නැව 21දා
නැවත වරක් මෙරටට බලපෑ උග්‍ර ඉන්ධන අර්බුදය මධ්‍යයේ ඊළඟ ඩීසල් හා පෙට්‍රල් නෞකා මෙරටට පැමිණෙන්නේ ලබන 16 සහ 21 වන දා දිනයන්හිදී බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ගයක් අනාවරණය කළේ ය. මෙරට ඩීසල් සංචිත දැඩි ලෙස මේ වන විට පහත වැටී ඇති අතර මීට යම්තාක් දුරක හෝ සහනයක් ලැබෙන්නේ ලබන 16 වන දා මෙරටට පැමිණෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 තොගය ගොඩබෑමෙන් පසුව බව ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී. පෙට්‍රල් නෞකාවක් නැවත මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ ලබන 21 වන දා වන අතර එලෙස පැමිණෙන නෞකාවේ…
Read Moreඔස්ට්‍රේලියා කණ්ඩායමට පහසු ජයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු පන්දුවාර 20 තරගය ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරඟයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අරාධනා කරන ලදි. නියමිත පන්දුවාර 20 අවසාන වීමටත් පෙර පන්දුවාර 19යි පන්දු 3කදී සියල්ලන් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 128ක් පමණයි. ලකුණු 129ක් ජයග්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රලියානු කණ්ඩායම කිසිදු පිඩනයකින් තොරව තමන්ට නියමිත ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගත්තා. ආරොන් ෆින්ච් නොදැවී ලකුණු 61යි ,ඩේවිඩ්…
Read Moreඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්
කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය. පළමුව ඔහු හමුදාවේ හිටපු සෙබළකු සේ කොන්ද පණ ඇතුව වැඩකළ යුතුය. රාජපක්ෂ පවුල දේශපාලනයේදී අතේ දුරින් තබාගත යුතුය. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුය. පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට විසඳුම් සෙවීමට අවස්ථාව ලබාදී එයට උපකාර…
Read Moreඑකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ක්‍රියාත්මක වන්නේ ඇයි ?
රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස සමාන්‍ය පෙළ O/L පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය. අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන ගන්නා සිසුන් සාමාන්‍ය පෙළ London O/L විභාගයට පෙනී සිටින්නේ වයස අවුරුදු 14 දී ය. රජයේ පාසැල්වල ඉගෙන ගන්නා සිසුන් අපොස උසස් පෙළ A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 19 කි. එහෙත් අන්තර් ජාතික පාසල් වල ඉගෙන ගන්නා සිසුන් උසස් පෙළ London A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 16 කි. ජාතික පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ වයස අවුරුදු 20 දී…
Read More