උදේ පාන්දර ඩොකටර් Sarath Wimalasuriya ගේ බිලී බෑමේ පෝස්ටුව දැක බිලී බාන්න ඇහැක් නම් කියා සිතූවෙමි. බිලී බෑම යනු ආනන්ද ජනක වැඩක් ය. සොමිෆුල් ය. අපි පුංචි කාලෙම දුන්නක් වගේ නැමුණු බට කෝට්ටක් නැත්තං කිතුල් අත්තක් හෝ ගෙන කඩෙන් තන්ගුස් නූලක් ද අවශ්‍ය ප්‍රමානයේ කටුවක්ද ගෙන බිලී බිති බැන්ඳෝ ය. ඉපියාව පොල් ලෙල්ලෙන් ලස්සනට හැදුවෝ ය. ඊට පස්සේ ඉතිං නාරස්සනේ ගෙන ගිහිං පණුවන් අල කොළ ගොටුවකට අල්ලා දැමුවෝ ඊට තෙත පස් සුඟක්ද දමාගෙන ගොස් ගඟ ඉවුරේ හිඳ ගති. ඒක ගති වැඩක් ය. පොඩි කටුවලට හරියටම හරි ගියේ පණුවන් ය. පණුවන්…
Read MoreDay: June 20, 2022
පෞද්ගලික අංශයේ සේවකයන් ඔන්ලයින් ක්‍රමයට යොදවන්න
පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වලකින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreවිදුලි බිල ඩොලර්වලින් ගෙවන්න වෙයි
විදේශ විනිමය උපයන සියලුම ආයතන ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදේශ විනිමය ප්‍රශ්නය විසඳාගැනීම සඳහා එම යෝජනාව කරන බවත් රත්නායක මහතා කීය.
Read More‘කළු සැමරුමක්‘ – අරගල භූමිය උණුසුම් වෙයි – පිරිසක් අත්අඩංගුවට
ඊයේ (19) රාත්‍රී අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරනු ලැබුවාසේම ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකරන ලදි. අද දිනයේ යෙදෙන ගෝඨාභය රාජපක්ෂ උපන්දිනයටද ‘කළු සැමරුමක්‘ නම් කර තිබුණි. අද (20) උදෑසන වාර්තාවන්නේ මෙම අවහිරතාවන්ට එරෙහිව විශාල ප්‍රමාණයක් පොලිස් හා කැරලිමර්දන කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇති බවයි. එසේම පිරිසක් අත්අඩංගුවට ගත් බවද පැවසේ.අත්අඩංගුවට පත් පිරිස නිදහස් කරන ලෙස පොලිස් මූලස්ථානය අසළ විරෝධතාවයකටද පිරිසක් ගොස් තිබේ. සජීවි විකාශය කරමින් සිටියදී සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර බවත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත්…
Read Moreකොළොම්බියාවට වාමාංශික ජනාධිපතිවරයෙක්
කොළොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්‍රෝ තේරී පත්වී ඇත. ඒ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක වූ සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිවරයෙකු වන රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් පරාජයට පත්කරමින්.
Read MoreIMF නියෝජිතයින් අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව, ඔවුන් සතියක කාලයක් මෙරට රැඳීසිටීමට නියමිතය. මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන් සාකච්ඡා පවත්වමින් අදාළ කටයුතු පිළිබඳව සොයාබැලීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙක වෙයි
වයස අවුරුදු පහට (5) අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය දකුණු ආසියාවේ ඉහළම දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව බව යුනිසෙෆ් සංවිධානය පවසයි. මෙරට ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණය උග්‍රවීමට හේතුවක් වී ඇති බවද යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි. යුනිසේෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන එකයි දශම හතක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන විසිපහක ප්‍රදානයක් ඉල්ලුම් කර තිබේ.
Read Moreතෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා පිලට
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තෙවන එක්දින තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් විය. මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 291ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිල පන්දුවාර 48යි පන්දු 3 ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 137 ක් රැස්කර ගැනීමට සමත් විය.
Read More