පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම, යුද සමයේ සිදු වූ යුද අපරාධ, ඝාතන, අතුරුදහන් කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්යශනයක් සිදු කළ හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක මණ්ඩලය ආදිය එවැනි ජාත්‍යන්තර විමර්ශන සිදුකරන ආයතන වේ. සුඩානය, කොංගෝ, බුරුන්ඩි, මියන්මාරය හා ISIS සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර අපරාධ විමර්ශන සිදු කර ඇතැමුන්ට දඬුවම් හා සම්බාධක පනවා තිබේ. රෝම ප්‍රඥප්තිය යටතේ ජන සංහාරය තහනම් කිරීම, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ වැනි ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට විමර්ශන සිදුකළ හැකිය. ශ්‍රී ලංකාව 2000 වසරේදී…
Read MoreDay: September 11, 2023
සයිබර් ප්‍රහාරයකින් රජයේ කාර්යාල රැසක දත්ත විනාශයි
රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි . මෙම සයිබර් ප්‍රහාරය නිසා රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇත. මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලය තුළදි එල්ල වී ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා සඳහන් කළේය. මධ්‍යම ඊමේල් පහසුකම් නැති ආයතන කිහිපයකට ICT ආයතනයෙන් ඊමේල් පහසුකම ලබාදී ඇති බවත්, 2007 වසරේ…
Read Moreමඩකලපු මුහුදේ භූමිකම්පාවක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමි කම්පාවක් සිදුව තිබේ. මඩකලපුවට කිලෝමීටර් තුන්සියයක් ඔබ්බෙන් වූ මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාව රික්ටර් මාපාංක ඒකක 4.6 ක ප්‍රබලත්වයෙන් යුතුය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරන්නේ මෙම කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවයි.
Read Moreවිකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු හඳුනා ගනියි – නැවතත් බූස්ටර් එන්නතක්
විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබේ. ඉන් 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය. එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ කළේ, එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි . ඒ හේතුවෙන් බූස්ටර් එන්නතක් ලබා දීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.
Read Moreයුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතුයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ පාලනයක් සහ නව දැක්මක් බවත් ඓතිහාසික දේශපාලනික පරිවර්තනයක් සඳහා එම ජන අරගල ප්‍රමාණවත් නොවූ බව ඔහු පවසයි. පලෙයි දි නේෂොන් නම් වූ ලෝකයේ විශාලතම රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ වන එය අනිද්දා දක්වා පැවැත්වීමට නියමිතයි. චෙක්…
Read More