
ගිනිගත්හේන හැටන් ඒ 07 මාර්ගයේ කොටසක් ගිලා බසියි
ප්‍රදේශයට පවතින වැසි තත්වයන් මත ගිනිගත්හේන හැටන් ඒ 07 මාර්ගයේ කොටසක් ගිලා බැසිමත් සමග එම ස්ථානයේ රථ වාහන ධාවන කටයුතු එක් මංතිරුවකට සිමා කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. බි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද…

ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක
අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට එක්වුණා. ඔය ගොල්ල දන්නවා අපි සෑහෙන කාලෙක ඉඳලා මානව හිමිකම් ක්ෂේත්‍රෙයේ තමයි වැඩ කළේ. වැඩ කරන්නෙ. ගාල්ලේ මෙම උත්සව සාලාවෙම…

පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සකස් කරන ලද පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පක්ෂ නායකයින් සමග මේ පිළිබදව සාකච්ඡා කරන බවයි. එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළත් කරමිනි. හිටපු කතානායකවරයා සඳහන් කළේ, පාර්ශව රැසක අදහස්…

ලිට්‍රෝ ගෑස් මිල අද සිට ඉහළ දැමීමේ සැලැස්මක්
ගෑස් මිල අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව, ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 ත් 90 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බවයි. සංශෝධිත මිල ගණන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද, ඔහු සඳහන් කළේ ය.

අමෙරිකා ජනපති “සටන් විරාමයක්” ඉල්ලයි
ඊශ්‍රායල-හමාස් ගැටුමට “සටන් විරාමයක්” අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රචාරක කථාවක් කරමින් සිටියදී සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස පුද්ගලයෙක් ඉල්ලා සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත. හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසමින් කියා ඇත්තේ…

‘නාම් 200’ පලදරයි වතු කම්කරුවන්ට නිවාස දස දහසක්
කොටගල පිහිටි මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක් (10,000) ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මුල්ගල් තැබීම සිදු කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය නිර්මාලා සීතාරාමන් මහත්මිය විසින්. ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සැපිරීම වෙනුවෙන් පැවැත්වූ ‘නාම් 200’ සංවත්සර උත්සවයේදී මෙම මුල් ගල්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමර්ශනයක්
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ. ඒ ඊයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වුණ 33 වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වීම හේතුවෙන්. මේ නිසා ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ…

පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය
ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි. රට මුහුණපා…