මුඛ පිළිකාව වළක්වාගත හැකියි
|

මුඛ පිළිකාව වළක්වාගත හැකියි

මුඛ පිළිකාව වළක්වාගත හැකි අතරම කල් ඇතිව හඳුනාගැනීම මගින් සුව කරගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ, අදට (27) යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. අපගේ ජීවන රටාව නිසි ආකාරව සෞඛ්‍ය…

dusana virodi panatha
| |

දූෂණ විරෝධී පනතින් පිළිකාවක් ලෙස උඩුදුවා ඇති වංචාව, දූෂණය, අක්‍රමිකතාවය සුවපත් කළ හැකියි

දූෂණ විරෝධී පනත හරියටම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලාංකික සමාජය සුවපත් වෙතැයි තමා සිතන අතරම එය රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීම මත බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය ආයතන තුළ පිළිකාවක් ලෙස වංචාව, දූෂණය, අක්‍රමිකතාවය උඩුදුවා ඇතැයිද මේ හේතුවෙන් තමා යටතේ පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේද ඇතිවී ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්
|

අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්

1983 ජුලි මස ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවලට වසර 40ක් පිරීම අනුස්මරණය කරමින් 2023 ජුලි මස 23 දින කොළඹදී පැවැත්වුණ සැමරුම්වලට පොලිසිය පහරදීම දැඩි ලෙස හෙළාදකිමු. එක් වැඩසටහනක් කඩාකප්පල් කිරීම සඳහා ගැටුමක් නිර්මාණය කරගැනීමට විරුද්ධවාදීන් පිරිසකට ඉඩ දීම ද පොලිසිය විසින් සිදුකරන ලද බරපතල වරදක් ලෙස අපි දකිමු. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුස්මරණය අයිතිවාසිකමක් ලෙස පිළිගනී….

ලෝක මිහිකත විවාහක රූ රැජින ලංකාවට

ලෝක මිහිකත විවාහක රූ රැජින ලංකාවට

2023 ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස කිරුළ දිනාගත් 21 හැවිරිදි සෂ්මි දිසානායක කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. පිලිපීනයේ මැනිලා නුවර ලොව රටවල් 45ක තරගකාරියන් 60 දෙනකුගේ සහභාගීත්වයෙන් එම තරගාවලිය පැවති අතර අනු තරගාවලි 04 ක් ජය ගනිමින් සෂ්මි දිසානායක ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කළේය.

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක
|

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක

ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත. මෙම සාකච්ඡාවේ ඇති විශේෂත්වය නම් විවිධ මට්ටමේ සහ විවිධාකාරයේ මුදල් අවභාවිතා වීමක් සිදු වුවද, සමාජයේ වැඩි අවධානය ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක වන…

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කර තිබෙන බව වාර්තා වේ. වාර්තා වන්නේ සහල් අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපලේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඉන් දැඩි බලපෑමක් ආසියා සහල් වෙළඳපලට එල්ලවී තිබේ.ඉන්දීය රජය නිවේදනය කරන්නේ ඉන්දියාව තුළ සහල් මිල පාලනය කිරීම සදහා මෙම පියවර ගත් බවයි.

වකුගඩු රෝහල් වල ඖෂධ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම නැවතීමේ අවදානමක්

වකුගඩු රෝහල් වල ඖෂධ හිඟය හේතුවෙන් ශල්‍යකර්ම නැවතීමේ අවදානමක්

ජාතික වකුගඩු රෝහල ඇතුලු දිවයිනේ අනෙකුත් වකුගඩු රෝහල් වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සැරසෙන බවද…

ෆේස්බුක් සමාගමට අධිකරණ නියෝගයක්

ෆේස්බුක් සමාගමට අධිකරණ නියෝගයක්

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර ඇත. අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටය. පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.