srilnka-crickert
|

ශ්‍රී ලංකාවට පහසු ජයක්

ඊයේ (25) 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණි. අයර්ලන්ත කණ්ඩායම ලකුණු 326ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය අතර  පන්දුවාර 31 කදී සියලුදෙනා දැවි රැස්කරගනු ලැබුවේ ලකුණු 192ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.

පාසල් වලට දුන් ටැබ් පරිගණක අපතේ යයි

පාසල් වලට දුන් ටැබ් පරිගණක අපතේ යයි

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2019 වසරේදී රුපියල් මිලියන 3කට අධික මුදලක් වැය කර පාසල් වලට ටැබ් පරිගණක බෙදා දෙනු ලදි. එලෙස බෙදා දුන් ටැබ් පරිගණක නිසි ලෙස භාවිත කර නොමැති බව අනාවරණය වී තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදීයි.

ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක්

ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක්

ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා…

නිසි වැටුපක් නොලැබෙන ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්

නිසි වැටුපක් නොලැබෙන ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්

වතු කම්කරුවන් ලංකාවට පැමින වසර 200ක කාලයක් ගතවුනත් මේ වතු කම්කරු ජනතාවට සිදුව ඇති සේවය කුමක්ද යන්න ප්‍රශ්නයක්. අද වතුකරය ගත් විට වතු කම්කරු ජනතාව මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දුන්නත් මේ වතු කම්කරුවන්ට මේ වන තෙක් නිසි වැටුපක් ලැබෙන්නේ නැහැ. වතුකරයේ සමාජ ක්‍රියාකාරිනියක් වන කරුපයියා මෛයිත්‍රිලි මහත්මිය මේ බව පවසන ලද්දේ…

Water_Cut

අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

අද (23) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක්…

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
|

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් විශිෂ්ට ලෙස ජය ගෙන තිබේ. පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමානය පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේදී ඕමාන ක්‍රීඩකයින් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 98ක් පමණි. ඕමාන පිතිකරුවන් බොහෝ දෙනෙකුට ලකුණු අතරට පිවිසීමට හැකි වුණේ නැත.ඕමාන ඉනිම සුනු විසුනු…

දැවැන්ත යුද නෞකාවක් කොළඹට
|

දැවැන්ත යුද නෞකාවක් කොළඹට

ජපාන සමුද්‍රී ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. කොළඹ වරායට සේන්දු වු ‘IKAZUCHI (DD-107)’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය. මෙම ජපාන යුද නෞකාව දිගින් මීටර් 150.5 ක් වන අතර නැව්මුළුව 207ක ගෙන් සමත්විත වේ.

ජනතාව ආරක්ෂා කරන්න වසර 20ක් පැරැණි පනත සංශෝධනය කරයි

ජනතාව ආරක්ෂා කරන්න වසර 20ක් පැරැණි පනත සංශෝධනය කරයි

රටේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරැණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි. රටේ පැවති උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩ වල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බවද වෙළෙඳ…

ප්‍රාථමික අංශ දරුවන්ගේ විෂය මාලාවට ජපන් භාෂාවත් එක් වෙයි

ප්‍රාථමික අංශ දරුවන්ගේ විෂය මාලාවට ජපන් භාෂාවත් එක් වෙයි

අද (22) දින අමාත්‍ය මනුෂ නානායක්කාර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවු බවය. ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු සුදානම් කරමින් යන බවත් එම අවසරය ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් හිමිවු බවද…

මාළු මිල දැඩි ලෙස ඉහළට
|

මාළු මිල දැඩි ලෙස ඉහළට

මේ වන විට මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පාරිභෝගියන් පිරිසක් පවසන ලද්දේ මේ වන විට මාළු මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් එම තත්වයන් මත තමන්ට මාළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. මෙම තත්වයන් පිලිබදව සොයා බැලිමේදි  අලෙවි වන…