බස්රථ ප්‍රවාහන සේවා අඩාල වීමේ අවදානමක්

බස්රථ ප්‍රවාහන සේවා අඩාල වීමේ අවදානමක්

අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය අවුරුදු සමයේදී අඩාළ වීමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. බස්වලට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අඩාළ වීමේ අවදානමක් ඇති බවත් බස් රථයකට ලබාදෙන ඉන්ධන ලීටර් 60 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. එම ලීටර් 60ක ප්‍රමාණයෙන් ගමන් කළ හැක්කේ කිලෝ…

imf

IMF රැස්වීමක් අද වොෂිංටන්හිදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)සාමාජිකයින් සහභාගීවන රැස්වීමක් අද (10)වොෂිංටන්හිදී ආරම්භ වෙයි. ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන එම රැස්වීම සඳහා මෙරට නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගිවීමට නියමිතයි. මෙම රැස්වීමේදී මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

චීන යුධ නෞකා සහ ගුවන් යානා තායිවානය වට කරයි
|

චීන යුධ නෞකා සහ ගුවන් යානා තායිවානය වට කරයි

තායිවානයට එරෙහිව චීනය දියත් කළ තෙදින හමුදා අභ්‍යාසයේ දෙවන දිනය අදයි. ඒ සඳහා චීනයේ නාවික හා ගුවන් හමුදා බල ඇණි යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය පැවසුවේ අද උදෑසන චීන යුද ගුවන් යානා 71 ක් තායිවානය ආසන්නයෙන් පියාසර කල බවයි. චීන යුද නෞකා 09 ක්ද තායිවානය වට කර යාත්‍රා කරමින් තිබූ බවයි එරට…

පාස්කු දිනය අදයි
|

පාස්කු දිනය අදයි

මුළු මහත් කතෝලික ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදයි. ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබීම සැමරීම ඇතුළු තවත් සැමරීම් කිහිපයක් අද දිනයේ සිදු කරන බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සත්‍ය කරුණු හෙළි නොවීම හා එහි වින්දිතයින්ට සාධාරණයක්…

Water_Cut

අද(09) ප්‍රදේශ රැසකට ජලය සැපයීමට බාධා

අද (09) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. ඒ කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශ සදහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. එම කාලය…

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි මිල 40%කින් ඉහළට

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි මිල 40%කින් ඉහළට

පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම අලුත් අවුරුදු සමයේදී ගිනිකෙළි මිල 40%කින් පමණ ඉහළ ගොස් තිබේ. පාරිභෝගිකයින් පවසන්නේ, වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද සැළකිය යුතු ඉහළ ගොස් ඇති බවයි. මේ අතර වෙළෙඳපොළ තුළ සෑම භාණ්ඩයකම මිල දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර,  ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි…

kasalre

කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. පසු ගිය දිනවලදි මෙම ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැස තිබුනද මේ වන විට පවතින වැසි තත්වයන් මත ජලාශයේ ජල…

eggs

ඉන්දීය බිත්තර බේකරිවලට

ඉන්දියාවෙන් අනයනය කරන ලද දෙවන බිත්තර ලක්ෂ 10ක තොගය අද බේකරි සඳහා නිදහස් කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි. එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අද ලබා දීමට නියමිතව ඇති බව ද ඒ මහතා සදහන් කළේය. ඉන්දියාවෙන් ආනයනය කරන ලද දෙවන බිත්තර…

නවසීලන්ත කණ්ඩායමට ජය

නවසීලන්ත කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 183ක් ලබාගෙන තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 06ක් බිඳවැටී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය. එහිදී 12 වන ජාත්‍යන්තර T-20 අර්ධ ශතකය වාර්තා කිරීමට…

water-bill

රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජල බිලට පොලු තියයි

රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව හිඟ බිල්පත් නොගෙවු සියලුම රාජ්‍ය ආයතනවල බිල්පත්වලින් සියයට 2.5 ක අධිභාරයක්( දඩයක්) මේ මස මුල් සතියේ සිට අයකිරීමට එම මණ්ඩලය තීරණය කර ඇත. මෙසේ හිඟ…