මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරට මුල්ගල
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

මෙම උත්සව සමයන් තුලදි බිමත්ව රිය පදවන රියදුන් පරික්ෂා කිරිම සදහා හැටන් පොලිස් කොට්ඨාශය තුල වීශේෂ පරික්ෂන ආරම්භ කිරිමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් කොට්ඨාශ ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. බිමත්ව රිය පැදවිම් තුලින් මාර්ගයේ ගමන් කරන මගින්ගේ මෙන්ම එම රථවල ගමන් කරන පිරිස්වලද ජිවිතවලට විවිධ අනතුරු සිදුවිම් බහුල බැවින්…

නාවික හමුදාවේ තාක්ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම 2020 දෙසැම්බර් මස 16 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි. භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම පිළිබඳව…

ටෙස්ට් තරගයකදී ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා විය. ඒ ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හිදී පැවැත්වෙන තරගයේදීය. ඉන්දියානු කණ්ඩායමේ අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සිටි මොහමඩ් සාමී, පැට් කමින්ස් ගේ පන්දුවක් ඇගේ වැදීමෙන් පිටියෙන් ඉවත්වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 36ක් ලෙසයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉණිම අවසන් වූ අතර…

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර සහ නුවර දිස්ත්‍රික්කවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

යාපනයේ සහ වව්නියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිතයන් සීඝ්‍ර ලෙස සිටීම හේතුවෙන් උතුරු පළාත් පාසල් 140ක් වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය කියයි. මේ අනුව, යාපනය අධ්‍යාපන පාසල් 69ක්, වැලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසල් 66ක් වව්නියාව අධ්‍යාපන කලාපයේ පාසල් 05 ක් මෙලෙස වසා දමා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය පවසයි.

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබේ. ගත වු පැය 24 තුළ හඳුනාගත් නව ආසාදිතයින් 26,991 සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,004,825 ක් බව දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කෝටිය ඉක්මවූ දෙවන රට වන්නේ ඉන්දියාවයි.

කොවිඩ් 19 වසංග තත්වයන් හමුවේ පාසල් ආරම්භ කර තිබුනත් පාසල් ආරම්භ කිරිම සදහා සුදුසු වට පිටාවක් මෙම ප්‍රදේශයන් තුල නොමැති බව අඹගමුව ප්‍රාදේශීය සභා මංත්‍රි (ජ. වි. පෙ.) මංජුල සුරවීර මහතා පවසයි. හැටන් හිදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මංජුල සුරවීර මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කොවිඩ් වසංගතයන් හමුවේ පාසල් ආරම්භ කර…

වතු කම්කරුවන් සදහා සමාජිකත්වය වෙනස් කිරිම සදහා මෙම දිනවල විවිධ වෘත්තිය සමිති විසින් අයදුම් පත් නිකුත් කිරිමත් සමග වතු කරයේ මේ වන විට මැතිවරණ උනුසුමක් මෙන් උනුසුම් තත්වයක් හට ගෙන ඇත. වතු කම්කරුවන් සදහා තම සමාජිකත්වය මාරු කිරිම සදහා වසරකට අවස්ථා දෙකක් ලැබෙන අතර එයින් එක් අවස්ථාවක් මෙම මාසය තුලදි ලැබි ඇත. එම අවස්ථාවේදි වතු…

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යතුමාගෙන් කරනු ලැබු ඉල්ලීමක් අනුව මෙම සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා…