මස්කෙළිය ආසනයේ ආගමික සමගිය,ජාතික සමගිය නැති නොකරන බවට සහතිකයක්

මස්කෙළිය ආසනයේ ආගමික සමගිය,ජාතික සමගිය නැති නොකරන බවට සහතිකයක්

තමන් මස්කෙළිය ආසන සංවිධායක ධුරය දරන තාක්කල් මේ මස්කෙළිය ආසනයේ ආගමික සමගිය,ජාතික සමගිය නැති නොකරන බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ජනජිත්ද සිල්වා මහතා පවසයි. ජනජිත්ද සිල්වා මහතා මේ බව පවසන ලද්දේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ මැතිවරණ කාර්යාලය හැටන්හිදි ආරම්භ කිරිමේ උත්සවයක් අමතමිනි. එහිදි වැඩි දුරටත් කතා කල ජනජිත්ද සිල්වා මහතා…

eggs

බිත්තරය තවත් ගණන් උස්සන්න යන ලකුණු

බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමය පවසනවා. පැවැති ඇඳිරිනීති තත්ත්වය සහ ආනයන සීමා කිරීම හේතුවෙන් කුකුළු කෑම හිඟයක මුහුණ දීමට සිදුවූ බවයි. කුකුළු කෑම මිල ඉහළ යාම තවත් ගැටළුවක් වී ඇති අතර, එම තත්ත්වයන් හමුවේ බිත්තර නිෂ්පාදනය සියයට පණහකින් අඩු වී තිබෙනවා. සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ආහාර හිඟවීම…

Water_Cut

අද (22) ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

දිවයිනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය නවයක ජල කප්පාදුවක් සිදුවනවා. ජාතික ජල සැපයුම් හා ජලාපවාහන මණ්ඩලය පැවසූවේ වීරකැටිය, වලස්මුල්ල, මුරුතවෙල, මැදමුලන, යක්ගස්මුල්ල, බැදිගම, මුල්ගිරිගල, හොරේවෙල යන ප්‍රදේශවලටඅද (22) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

උන තියෙන අයටත් ඡන්දේ දාන්න අවස්ථාවක්

උන තියෙන අයටත් ඡන්දේ දාන්න අවස්ථාවක්

උන සහිත රෝගීන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවසන් පැය තුළ පැමිණිය යුතු බවට නිර්දේශ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම සෞඛ්‍ය නිලධාරියෙකු බැගින් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සම්පාදනය කළ කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය…

ගැල්වේස්ලැන්ඩ් වන උද්‍යානය 22වන සිට විවෘත වෙයි

ගැල්වේස්ලැන්ඩ් වන උද්‍යානය 22වන සිට විවෘත වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු නුවරඑළිය ගැල්වේස්ලැන්ඩ් වන උද්‍යානය 22වන සදුදා සිට මහ ජනතාවට විවෘත කිරිමට පියවර ගන්න බව එම උද්‍යානයේ බාරකරු වන එම්. ජි. විමලරත්න මහතා පවසයි. කොරෝනා වසංගතයත් සමග පසු ගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබු දිවයිනේ සියලු සත්තවෝද්‍යාන, උද්භිත උද්‍යාන, වනෝද්‍යාන සහා සංරක්ෂන උද්‍යාන නැවත විවෘ කිරිමට රජය විසින් ගෙන…

කොරෝනා නව අනතුරුදායක අදියරකට

කොරෝනා නව අනතුරුදායක අදියරකට

කොරෝනා වසංගතය ලෝකය නව අනතුරුදායක අදියරකට එළඹෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. වෛරසය තවමත් කලාප කිහිපයක වේගයෙන් පැතිර යාම බරපතල තර්ජනයක් බව  සඳහන් කර ඇත. දිර්ඝ කාලයක් නිරෝධායන සීමාවලට කොටු වී සීටීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට හා වෙහෙසට පත්ව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. තවමත් කොරෝනා වෛරසය අමෙරිකාව හා ආසියාවේ…

බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් මුල්කිරිගලට

බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් මුල්කිරිගලට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහා විහාර කදූ මුදුනට බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කිරීමේ මෙහෙයුමක ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්කිරිගල රාජමහා විහාර කදූ මුදුනේ තැන්පත් කිරීම සඳහා කිලෝ ග්‍රෑම් 3500 ආසන්න බරකින් සහා අඩි 8 උසින් යුතු ශෛලමය බුදු පිළිම වහන්සේ නමක් ගුවන් මගින් රැගෙනයන යන ලදී. මෙම ශෛලමය බුදු පිළිම වහන්සේ…

ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දින සැමරුම

ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දින සැමරුම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 71 වන ජන්ම දිනය සමරා තිබේ. ඊයේ (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ…

පෝස්ටර් – කටවුට් ගැහුවොත් වැඩ වරදී

පෝස්ටර් – කටවුට් ගැහුවොත් වැඩ වරදී

පෝස්ටර් කටවුට් ඇතුළු අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තුවක් නොමැතිව පොලිස් අත්අඩංගුවට ගත හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. විශේෂ පෙරහුරු මැතිවරණ කිහිපයක් දිවයිනේ ස්ථාන කිහිපයකදී පැවැත්වුණේ නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්.

2017 වසරේ දී අත්සන් කළ MCC ගිවිසුම නිසා විරෝධතා

2017 වසරේ දී අත්සන් කළ MCC ගිවිසුම නිසා විරෝධතා

අමෙරිකාවත් සමග 2017 වසරේ දී MCC ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් නේපාලය තුළ  විරෝධතාවන් හටගෙන තිබේ. MCC ගිවිසුම එරෙහිව පෙළ ගැසෙන නේපාල වැසියන් ඉල්ලා සිටින්නේ පාලකයන් ගිවිසුම අත්සන් කළත් පාර්ලිමේන්තුව එය අනුමත නොකළ යුතු බවයි. පාර්ලිමේන්තුව එය අනුමත කළහොත් රටේ ජාතික අවශ්‍යතාවලට සහ ස්වෛරීභාවයට හානියක් සිදුවන බව ඔවුන් පවසයි.