covid infections today

නගරයෙන් පිටතට යන්න එපා

මෙල්බර්න් නගරයෙන් පිටතට යෑමෙන් වළකින ලෙස එරට බලධාරීන් ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර ඇත. ඒ දෛනිකව වාර්තා වන කොවිඞ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි. මෙල්බර්න් නගරය තුළ මහජන රැස්වීම් පැවැත්වීමට තහනම් කර තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ පිහිටි IS ත්‍රස්ත කඳවුරු රැසකට ගුවන් ප්‍රහාර

ඉරාකයේ පිහිටි IS ත්‍රස්ත කඳවුරු රැසකට ගුවන් ප්‍රහාර

ඉරාකයේ ISIS සංවිධානයට අයත් කඳවුරු ඉලක්ක කර ගනිමින් අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්ව ගුවන් යානා ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ප්‍රහාර වලින් IS කඳවුරු 04ක් විනාශයට පත්වී ඇති අතර ත්‍රස්තවාදීන් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.  

stockmarkert

කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක්

මාස 3කට පසු කොළඹ කොටස් වෙළඳපොළේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 5000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ. සමස්ත දර්ශකය දිනය අවසන දී ඒකක 65කින් ඉහළ ගොස් 5055.57ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 1.31ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි. එස්.ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 69.81කින් ඉහළ ගොස් ඇත. කොටස් වෙළඳපොළේ අද දිනයේ මුළු පිරිවැටුම…

weather today at my location

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං හා රලු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60 ක් දක්වා වැඩි විය හැකි බවයි. මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේ දී සැළිකිලිමත් වන ලෙසද එම…

මන්ත්‍රීවරු රැසක් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය දක්වයි

මන්ත්‍රීවරු රැසක් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය දක්වයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබෙන් එළියට පැමිණීමත් සමගම පැවති සභාවාරය කල් තැබීමට සභාපතිවරයාට සිදු විය. වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතා ට  දූෂණ චෝදනා එල්ල කරමින් මන්ත්‍රීවරු  සභාවෙන් පිට ව තිබේ . සභාවේ රථ වාහන සඳහා ටයර් මිලදී ගැනීමක්…

මැතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් එන නොයෙන එක තවත් දෙසතියකින්

මැතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් එන නොයෙන එක තවත් දෙසතියකින්

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණයට ජත්‍යන්තර නිරීක්ෂකයින් එන්නේද නොඑන්නේද යන්න තීරණය කෙරෙනුයේ තවත් දෙසතියකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ නීතී සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එවැනක් සිදුවන්නේ නම් ළඟම ඇති මැතිවරණ කාර්යාලයට හෝ පොලීසියට දැනුම් දෙන ලෙසත් ඒ මහතා පැවසුවේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීපැවැති රැස්වීමකින්…

මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි පොදු ජන පෙරමුණට 2/3ක  බලයක්

මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි පොදු ජන පෙරමුණට 2/3ක බලයක්

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ බෙදිමත් නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කද පොදු ජන පෙරමුණ ජය ගැනිමත් සමග තුනෙන් දෙකක බලයක් සහිතව පාර්ලීමේන්තු බලයක් පොදු ජන පෙරමුණට ලබා ගැනිමට හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක එස්. බී. දිසානායක මහතා පවසයි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයෙන් ආරම්භ කරමින් මාධ්‍ය වෙත මේ…

බබරුන් පලවා හැරිමට තරුණ පිරිසක් පෙරමුණට

බබරුන් පලවා හැරිමට තරුණ පිරිසක් පෙරමුණට

දික්ඔය ඇන්පිල්ඩ් වතුයායේ පවතින බබර කුඩුවල සිටින බබරුන් පලවා හැරිම සදහා සලංකන්ද ප්‍රදේශයේ තරුණ පිරිසක් පෙරමුණ ගෙන ඇත. වතුකරය තුල පවතින බබර ප්‍රහාරයන් හේතුවෙන් මෙම මාස දෙකක පමන කාලයක් තුලදි තිදෙනකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරන ලදි. මෙම බබර කුඩුවල සිටින බබරුන් විසින් සිදු කරන බබර ප්‍රහාරයන් හේතුවෙන් වතුකරයේ ජනතාව…

ස්වාධීන කොමිෂන් සභාවලට අනිසි බලපෑම්

ස්වාධීන කොමිෂන් සභාවලට අනිසි බලපෑම්

ස්වාධීන කොමිෂන් සභාවලට දේශපාලන වශයෙන් අනිසි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවත්, එම බලපෑම්වල අහිතකර ප්‍රතිඵල සමාජයට භුක්ති විදීමට සිදුව ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොට්ටේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති පාක්‍ෂික හමුවකදී ඔහු කියා සිටියේ මේ වන විට මැතිවරණ කොමිෂමේ සාමාජිකයින්ට පවා තර්ජන එල්ලවෙමින් තිබෙන බවයි. 69 ලක්‍ෂයක් වූ ජනතාවගෙන් ඔහු…

sajith

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවට අඩුවෙන්ම සහන ලබාදුන් රට ශ්‍රී ලංකාව

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවට අඩුවෙන්ම සහන ලබාදුන් රට වන්නේ ශ්‍රී ලංකාව බව හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් අනතුරුව තමා යටතේ බිහිවන රජයක් යටතේ රුපියල් 20,000 ක මාසික ආධාරයක් සෑම පවුලක් වෙතම ලබාදෙන බවයි. කෝට්ටේ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවා.