තම රථ වාහනවලට ඩීසල් ලබා ගැනිම සදහා 07වන දිනද හැටන් නගරයේ රථ වාහන පෝළිමේ නවතා ඇති අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ ඩීසල් ලබා ගැනිම සදහා තමන් දිගු කාලයක් මෙසේ පෝළිම්වල රැදි සිටින බවත්ය. ඉන්දන හල්වලින් බුලිවලට ඩිසල් ලබා ගන්නා සමහර පිරිස් එසේ ලබා ගන්නා ඩිසල් අධික මිල ගනන්වලට විකිනිම සිදුකරන බවත් මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශය තුල ඩිසල් මාපියාවක් නිර්මාණයවි ඇති බවද ඔවුන් පවසති. සමහර පිරිස් මෙසේ රැගෙන එනු ලබන බුලී සදහා ඩිසල් ලබා දිම දිම සිදු කිරිමත් සමග…
Read MoreCategory: පින්තූර ගැලරිය
තිස්ස අත්තනායකගේ සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන
සමගි ජන බල වේගයේ පාර්ලීමේන්තු තිස්ස අත්තනායක මහතා විසින් ආරම්භ කර ඇති සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන මස්කෙළිය ආසනයේ හැටන් නගරයේදි පවත්වන ලදි. 05වන දින හැටන් නගරයට පැමිනි තිස්ත අත්තනායක මහතා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය, හැටන් සිරි කුරුස ක්‍රිෂ්තු දේවස්ථානය, හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු දේවස්ථානය යන පුජනිය ස්ථානවලට ගොස් ගරුතර සංඝරත්නය හා පුජකවරුන් හමුව සුහද කතා බහක නිරත විය. මෙහිදි ගරුතර සංඝරත්නය හා අන් පුජකතුමන්ලා විසින් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසට සෙත් පැතු අතර මෙහිදි තිස්ස අත්තනායක පවසන ලද්දෙ ජාතින් අතර ආගමික හා සහජිවනය…
Read Moreමහා සිව රාත්‍රි දිනය අදයි
හිංදු භක්තිකයන් මහත් භක්තියෙන් සමරන මහා සිව රාත්‍රි දිනය 01වන දිනට යෙදි ඇති අතර ඒ වෙනුවෙන් හැටන් රොතස් සිව දේවාලයේ දවස පුරාවට වීශේෂ පුද පුජාවන් පැවැත්විම පියවර ගෙන ඇත. ලොව බලවත්ම දෙවියන් ලෙස හංදු භක්තිකයන් මහත් භක්තියෙන් සමරන සිව දෙවියන් උදේසා එම සිව දේවාලයේ වීශේෂ පුජාවන් පැවැත්විම සදහා වතුකරයේ ඇතුළු මෙම ප්‍රදේශයේ හංදු භක්තිකයන් විසින් පියවර ගෙන ඇත. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreපුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර
හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර 16වන දින විථි සංචාරය කරන ලදි. රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයන් දුරුවි රජයට, රටට, ජනතාවට සෙත ශාන්තිය උදාවි රට තුල බව භෝග සැප සම්පත් රැකි රක්ෂා දියුවට පත්තිනි මැණියන්ගේ ආශීර්වාදය පතා මෙවර මෙම කිරිකල පෙරහැර හා තේරු උත්සවය පවත්වන බව එම දේවාලයේ ප්‍රධාන පුජක විමලදාසන් බාලකුමාර් සර්මා පුජක තුමන් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreශ්‍රි විමලාරාම විහාරස්ථානයේ කොත් පළදවයි
ශ්‍රි විමලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත් පැලදවිම 16වනදින සිදු කරනලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති සමස්ථ ලංකා සාම විනිසුරු පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කොත් පැලදවිම සිදු කරන ලදි. මෙම කොත් වහන්සේ හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ සිට පෙරහැරකින් වැඩම කල අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතාව ඇතළු නවම් පුන් පොහෝ දින නිග්‍රොධාරාම විහාරස්ථානයේ පෙහෙවස් සමාදන්වු පිරිසද එක් විය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreපොට්‍රෙක් සංගමයෙන් තවත් සත්ක්‍රියාවක්
මස්කෙළිය මලේ වතුයායේ දිවා සුරකුම් මධ්‍යස්ථානය හා පෙර පාසල විෂබිජහරණයට ලක් කිරිමට හා සුද්ධ පවිත්‍ර කිරිමට පොට්‍රෙක් සංගමයේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප ලේකම් කේ. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ මෙම වතුයායේ දිවා සුරකුම් මධ්‍යස්ථානයේ හා පෙර පාලසේ දරුවන් විවිධ රෝගවලට ලක්වන බවත් එම තත්වයන් මත මෙම ස්ථාන විෂබිජ හරණයට ලක්කර අවට ප්‍රදේශ සුද්ධ පවිත්‍රකර දිමට පියවර ගන්නා ලෙස තම සංගමයේ සමාජිකායන්ගේ ඉල්ලිම මත මෙම ස්ථාන මෙසේ විෂබිජ හරණයට ලක් කර සුද්ධ පවිත්‍රකිරිමට පියවර ගත් බවත්ය. තම සංගමය නිරන්තරයෙන් මෙවැනි සමාජ සත්කාර…
Read Moreඋසස් පෙළට සිසුන්ද දැඩි උද්යෝගයකින් පැමිණෙයි
හැටන් ආශ්‍රිත වතුකරයේ සිසුන්ද දැඩි උද්යෝගයකින් 07වන දින ආරම්භවු උසස් පෙළ විභාගය සදහා විභාග මධ්‍යස්ථාන වෙත පැමිනෙන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් කල් දැමුන 2021 උසස් පෙළ විභාගය 07වන දින ආරම්භවු අතර එම විභාගය සදහා පෙනි සිටින හැටන් අධ්‍යාපන කලාපයේ නාගරික, ග්‍රමිය මෙන්ම වතුකරයේ සිසුන්ද විභාගය සදහා මෙසේ දැඩි උද්යෝගකින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිනෙන අයුරු දැක ගත හැකි විය. මෙම විභාග මධ්‍යස්ථාන ආවරණය වන පරිදි පොලිස් ජංගම මුර සේවාවන් යෙදවිමටද පියවර ගෙන තිබුනි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreවප් පෝය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මහ සෙනඟක්
වප් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියහ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු එළැඹි පළමු පෝය දින මෙය වේ. වසංගත තත්ත්වය පහව ගොස් රටට ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතවූහ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත දෛනකිව සිදුකරන තේවා රාජකාරියන්ට අමතරව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිල් සමාදන්වීම ඇතුලු ආගමික වතාවත් සිදුකිරීම දළදා මාලිගා චතුරස්‍රයේදී සිදුවිය. පෙරවස් සමාදන් වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම සිදු කෙරෙන්නේ ද වප් පොහොය දිනයේදීයි. නදීක දයා බණ්ඩාර…
Read Moreමධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.
මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කදුකරයේ දිය ඇලි සක්‍රීය තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, දියගල, ශා/කේලායාර් යන ප්‍රධාන දිය ඇලි ඇතුළු තවත් දිය ඇලි කිපයක් සක්‍රීය තත්වයන්ට පත්ව හැඩවි ඇද හැලෙන අයුරු දැක ගත හැකිය . මනුර සුදත් සෙල්ලහේවා හැටන්
Read Moreතද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි. මතුගම – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර, අගලවත්ත වළල්ලාවිට සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල මට්ටම් ඉහළගොස් තිබු අතර හදිසි ගංවතුර තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට ආපදා කළමනාකරණ අංශ සුදානමින් තබා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. එස්. පොද්දෙණිය – මිගහතැන්න
Read More