වතු කරයේ වතු අධිකාරිවරුන්ට සිදුවන මිලේච්ජ පහර දිම් හා විවිධ අකටයුතු කම්වලට විරෝධය දක්වමින් ලංකාවේ වැවිලිකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද නිහඩ උද්ගෝෂනයක් 03වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. වතුකරයේ ප්රචන්ඩත්වය තුරන් කරනු, වතුවලට ආරක්ෂාව හා වතු අධිකාරිවරුන්ට ආරක්ෂාව ලබා දෙනු, අපිට පුද්ගලික ආරක්ෂාවක් අවශ්‍යයි, අපිත් කරන්නේ රැකියාවක්, වැනි විරෝධතා පුවරු රැගත් වතු අධිකාරිවරුන්, සහකාර වතු අධිකාරිවරුන් ඇතුළු පිරිසක් මෙම උද්ගෝෂනය සදහා එක්ව සිටින ලදි. මෙහිදි අදහස් දැක්වු එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පවසන ලද්දේ වතුකරය තුල පවතින විවිධ ප්රචන්ඩ ක්‍රියා හේතුවෙන් වතු අධිකාරවරුන්, සහකාර වතු අධිකාරිවරුන් විවිධ…
Read MoreCategory: පින්තූර ගැලරිය
සමන්ය පෙළ විභාගයට සුදානමින්
කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමන ලද 2020 සමන්ය පෙළ විභාගය 01වන දින සිට ආරම්භ කිරිමට රජය මගින් පියවර ගෙන ඇත. එම තිරණය මත 01වන දින මෙම විභාගය ආරම්භවු අතර මෙසේ මෙම විභාගය ආරම්භ කිරිමට රජය මගින් ගන්නා ලද තිරණය එම විභාගය සදහා පෙනි සිටින සිසු දරුවන්ගේ දෙමාපියන්ගේ පැසසුමටද ලක් විය. මේ පිලිබදව අදහස් දැක්වු එම දෙමාපියන් පිරිසක් පවසන ලද්දේ මෙම කොවිඩ් වසංගත තත්වයන් හමුවේ වුවද තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරේහි රජය මගින් දැඩි අවදානයක් යොමු කර මෙම විභාගය මෙසේ පැවැත්විමට පියවර ගැනිම ඉතා හොද දෙයක් බවත්ය. මෙම විභාගය සදහා පැමින…
Read Moreතරුණියන්ට බතික් පුහුණුවක්
ලංකා කම්කරු කොංග්රස් වෘත්තිය පුහුණු ආයතනය මගින් කදුකරයේ තරුණියන් 130 දෙනකු සදහා බතික් වැඩ, විවිධ ගෙතුම්, හා එම්බ්‍රොයිඩර් පිලිබදව සතියක පුහුණුවක් ලබා දිමට පියවර ගෙන ඇත. වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ උපදෙස් මත ලංකා කම්කරු කොංග්රස් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම පුහුණුව ලබා දිමට පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ බලා පොරෝත්තුවක් වන කදුකර ජනතාවගේ ජිවන තත්වයන් හා ආර්ථික තත්වයන් නගා සිටුවිමේ වැඩ සටහන යටතේ කදුකරයේ කාන්තාවන් සදහා ස්වයං රැකියා අවස්ථාවන් වැඩි දියුණු කිරිමේ අරමුණ මත මෙම පාඨමලාවන් පැවැත්විම් සිදු කරන බව එම කොංග්‍රසයේ නියෝජිතයකු පවසන…
Read Moreකිරි කල පෙරහැර
හැටන් බණ්ඩාරනායක පුර මාවඩි පත්තිනි දේවාලයේ වාර්ෂික කිරි කල පෙරහැර හැටන් හනුමන් දේවාලයෙන් ගමන් ආරම්භ කර එම පත්තිනි දේවාලය දක්වා ගමන් කරන ලදි. එම දේවාලයේ ප්‍රධාන පුජක වෙදගුරු විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව පැවැති මෙම කිරි කල පෙරහැරින් රැගෙන එන ලද කිරිවලින් පත්තිනි දේව ප්‍රථිමාව දෝවනය කර පුද පුජා පැවැත්විමක්ද සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreපාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මිත්‍රත්ත්වය
මොහොතකටවත් අමතක නොකළ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මිත්‍රත්ත්වය
Read Moreසුසාන භුමියේ කොටසකටත් විදින්න යයි
බෝගහාවත්ත ප්‍රදේශයේ මාර්ගයක් හා පොදු සුසාන භුමියේ කොටසක් එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කිරිමට එරෙහිව එම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු මිනි පෙට්ටියක්ද ලග තබාගෙන 23වන දින නිහඩ උද්ඝෝෂයකට එක්ව ඇත. මෙම උද්ගෝෂකයන් පවසනුයේ තමන්ට ගමන් කිරිමට ඇති මාර්ගය මෙන්ම පොදු සුසාන භුමියෙන් කොටසක් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කරන බවත් එයට විරෝධය දක්වමින් තමන් මෙසේ නිහඩ උද්ගෝනයක නිරත වන බවත්ය. යම් හෙයකින් මෙම දෙදෙනා මෙම ඉඩම් කොටස අල්ලා ගත හොත් තමන්ට ගමන් කිරිමට මාර්ගයක් මෙන්ම මල සිරුරක් මිහිදන් කිරිමට හෝ ස්ථානයක් තමන්ට අහිමි වන බවද…
Read Moreහැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂණය
හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂනය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ඒ. කේ. චන්දන අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පොලිස් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. එහිදි හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින්ගේ ආචාර පෙලපාලිය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල මහතා විසින් පරික්ෂාවට ලක් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මෙම අවස්ථාවට හැටන් ජේ. පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඇතුළු පිරිසක්ද එක් විය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreහැටන් එළවලු මිල දැඩි ලෙස ඉහළට
හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස (1000/=) ඉහල යද්දි එලවලු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් දහස දක්වා ඉහලගොස් ඇති බවත් එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත් වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් දක්වාද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් කැරට්, වම්බටු, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, එලබටු, වැනි එලවලු ක්රිලෝක රුපියල් 220ත් 260ත් අතර මිලකය විකිනෙන බව ප්‍රදේශයේ ජනතාව පවසති. මෙයට අමතරව බෝංචි, ලික්ස්, ගෙඩි ගෝවා, වැනි එලවලුද ක්‍රිලෝව රුපියල් 180ත් 220ත් අතර…
Read Moreබගවන්තලාව කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහළට
බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහල ගොස් ඇති බවත් එක් කොවිඩ් මරණයක් වාර්ථාවි ඇති බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු මෙම කොවිඩ් ආසාදිතයන් පස් දෙනා කොවිඩ් ආසාදනයෙන් මිය ගිය පුද්ගලයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් බවත්ය. මෙසේ හමුවු ආසාදිතයන් ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර සිටියදි එම පි. සි. ආර්. වාර්ථා මත…
Read Moreදේව ප්‍රතිමා හා දේව ආභරණ මල්ලිඅප්පුව දේවාලයට
හැටන් මල්ලිඅප්පුව වතුයායේ ඉදිකර ඇති හිංදු දේවස්ථානයේ තැන්පත් කිරිම සදහා සකස් කරන ලද දේව ප්‍රතිමා හා දේව ආභරණ එමෙ දේවාලය වෙත 08වන දින රථ පෙරහැරකින් වඩම කරවන ලදි. එම දේව ප්‍රතිමා හා දේව ආභරණ 08වන දින හැටන් විල්ෆ්රඩ් පුර පත්තිනි දේවාලයේ සිට හැටන් මල්ලිඅප්පුව දේවාලය දක්වා වැඩම කරවිම සිදු කල අතර මෙම දේව ප්‍රතිමා එම දේවස්ථානයේ තැන්පත් කිරිමෙන් අනතුරුව එහි තේරු උත්සවය පැවැත්විමට පියවර ගන්නා බව එම දේවස්ථානයේ පුජක තුමකු පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read More