ජංගම දුරකථන අලෙවිය සඳහා අලුත් නීතියක්
නිසි බලපත්‍ර ලබා නොගෙන ජංගම දුරකථන අලෙවි කරන ආයතනවලට ඉදිරියේදී රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ. ඒ සඳහා මෙතෙක් පැවතියේ රුපියල් දස දහසක දඩ මුදලක්. සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙයි.