loan
|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිත යි. සූම් තාක්ෂණය ඔස්සේ රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතර යි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු යි.

nandalal
| |

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ  අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…

economy
|

ආර්ථික අර්බුදයෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි ක්‍ෂේත්‍ර

ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වුවහොත් හෝ දීර්ඝ කාලීනව පැවැතුණහොත් ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි ක්‍ෂේත්‍ර පිළිබඳව ෆිච් රේටින්ග්ස් මූල්‍ය සේවා සමාගම වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ සිල්ලර පාරිභෝගික භාණ්ඩ, බලශක්ති උත්පාදනය සහ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි බවය. කෙසේනමුත් අනෙකුත් ක්ෂේත්‍ර වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මෙහෙයුම් පවත්වාගැනීමට සමත්වනු ඇති බව ෆිච් රේටින්ග්ස්…

gossip lanka hot news
|

2023 අයවැය පළමුවර කියවීම අද

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.

loans

ආණ්ඩුවේ ණය කන්ද ට්‍රිලියන 24 පනී

2022 මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,051.3 ක් හෙවත් රු. ට්‍රිලියන 24.05 ක් ලෙසින් වාර්තා වේ. 2022 අප්‍රේල් මාසය අවසානයේ දී මෙම අගය රු. බිලියන 23,310.1 ක් ලෙසින් දැක්වුණු අතර 2021 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 17,589.4 ක් ලෙසින්…

gfolck
| |

ආර්ථික අභියෝග ජය ගත මඟ රනිල් කියයි

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ දැනුම හා හැකියාවන් නිර්මාණශීලිව යොදා ගැනීම තුළින් ජාත්‍යන්තර වෙළෙදපොළ ජයගත හැකි බවත් එමගින් වර්තමානයේ රටේ ඇති වී තිබෙන ආර්ථික අභියෝග ජය ගත හැකි බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ Gflock විසින් ක්‍රියාත්මක කරනු ලබන “Gflock Life” යන තේමාව යටතේ මහ කන්නය සඳහා වී…

economy
|

ශ්‍රී ලංකාව සමඟ ලෝකයම අවධානමක

ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බව අමෙරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමතමින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මෙම අවධානම හේතුවෙන් ලෝකයේ රටවල් රැසකට ආර්ථික ගැටලු ඇතිවිය හැකි බවයි. දියුණු රටවල ආර්ථිකයන් මන්දගාමීවීම හා වේගවත් උද්ධමනය,…

jesta-purawasi
|

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ක්‍රමය අහෝසියි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලියක් ලබා දෙමින් හඳුන්වා දී තිබූ ස්ථාවර තැන්පත් ගිණුම් ක්‍රමය අහෝසි කිරීමට තීරණය වී තිබේ. මෙම යෝජනා ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර ඇත. මේ අනුව 2022 ඔක්තෝබර් 01 දින සිට විශේෂ පොලියක් ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීම හෝ අලුත් කිරීම…

dolor
|

යුරෝපා සංගමයෙන් මූල්‍යාධාරයක්

මෙරට තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel මහතා පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්මික…

Kristalina Georgieva
|

ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය පවසයි. ණය අර්බුදයට ලක්වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය…