ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට
|

ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට

ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් පිළිබඳව ත්‍රීවීලර් රියැදුරන් 25කට අධික ප්‍රමාණයකගෙන් පැමිණිලි වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබී තිබුණි. පොලිසිය පසුගියදා සිදු කළ මෙහෙයුමකදී මහා මාර්ගයේ රැඳී සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදි ඔහු අධික වේගයෙන් දිව ගොස් තිබේ. ඒ…

death
|

දැඩි උණුසුම් කාලගුණය හමුවේ මාතරදී පුද්ගලයෙකු මිය යයි

අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි. මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ…

අද තද සුළං සමඟ අකුණු සහිත වැසි
|

අද තද සුළං සමඟ අකුණු සහිත වැසි

අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…

ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) යි
|

ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) යි

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර එහි තේමාව “වනාන්තර හා නවෝත්පාදන” යන්නයි. වනාන්තර දිනය සැමරීමට සමගාමීව පැළ…

facebook
|

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබේ

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මේ වන විට ගැටළු කිහිපයක් පැන නැගීම හේතුවෙන් පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබෙනවා. එම සමාජ මාධ්‍යයේ පරිශීලකයින් පවසන්නේ තම මිතුරන් නොපෙන්වීම, කවර් ෆොටෝ නොපෙන්වීම ඒ අතර වන බවයි. කෙසේ වෙතත් සිදුවී ඇති දෝශය තවමත් අනාවරණය වී නොමැති අතර මේ වන තෙක් ඒ පිලිබදව කිසිදු නිල ප්‍රකාශයක් ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා සමාගමෙන්…

dailyreporter
|

ජාතික පැළ සිටුවීමේ නැකතට පැළ ලබා ගැනීමට බීජ රෝපණය කරයි

අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැදෙන ජාතික පැළ සිටුවීති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහත්වරුන් එක්වූ අතර, එහිදී ගෙවතු වගාවට…

gossip lanka news
|

අධිකරණයට අපහාස කළැයි නඩුව අවසන් වන තෙක් නීතිඥයා රිමාන්ඩ්

විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය අත්හිටුවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (20) නියෝග කළේය. ජයතුංග පටබැඳිගේ සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැති නීතිඥවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. අධිකරණයට අපහාස කිරීම සහ නීතිඥ වෘත්තීය…

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි
|

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම ජාලයක් වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයන් අතරට යාපනය සහ මන්නාරම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ද පසුගිය දා එක් විය. යාපනය දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය පසුගිය (17) සෙනසුරාදා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප්…

suwasariya
|

මෙරට 1990 සුවසැරිය ලෝකයේ විශිෂ්ටතම සේවාව වෙයි

1990 සුවසැරිය ලෝක බැංකුවේ විශිෂ්ට ඇගයීමට ලක්ව තිබෙනවා. ලෝකයේ තිබෙන නොමිලේ සේවාව ලබාදෙන ඩිජිටල් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ, වේගවත්ම ගිලන්රථ සේවාවක් ලෙසයි ඔවුන් සුවසැරිය හඳුන්වාදී තිබෙන්නේ. ලංකාව ගැන සෘණාත්මක කතා ලෝකය පුරා ප්‍රචාරය වන වකවානුවක මෙවැනි බුහුමනක් ලංකාවට ලැබීම පිළිබඳව මාහට සතුටක් ගෙන දෙනවා. එයට හේතුව මෙම සේවාව ආරම්භ කිරීමට අපි කළ කැපවීම පිළිබඳව මෙනෙහි කරන…

|

සිවිල් සමාජ සංවිධාන වල නියෝජිතයින් ජනපති හමුවෙති

යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත පිළිබඳ සිය ගැටලු සහ අදහස් බෙදා ගැනීමට සිවිල් සමාජ සංවිධාන සාමූහික ප්‍රධාන කණ්ඩායමේ නියෝජිතයින් මෙන්ම අනෙකුත් සිවිල් සමාජ නියෝජිතයින් 13 දෙනෙකු පසුගිය දා ජනාධිපතිවරයා හමුවිය. මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහි දී ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දුන් ගැටලු වන්නේ, සාමූහිකය විසින් මාර්ගෝපදේශ මූලධර්ම පිළිබඳ ලේඛනයක් සහ සලකා බැලීම…