මැයි 02 රජයේ නිවාඩු දිනයක්
ලබන සඳුදා දින එනම් මැයි මස 02 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අද මැයි 01 වැනි දින කම්කරු දිනයට සමගාමීව මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ, කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරිදා දිනක වීම නිසාවෙන්.

ලබන සඳුදා දින එනම් මැයි මස 02 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අද මැයි 01 වැනි දින කම්කරු දිනයට සමගාමීව මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ, කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරිදා දිනක වීම නිසාවෙන්.

ඖෂධ වර්ග 60ක මිල සීමාව 40%කින් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක බවයි. පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ. ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර…

අන්තර්කාලීන ආණ්ඩුවක අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය…

දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.

රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවයි. “අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන…

අගමැති මහින්ද රාජපක්ෂද ඔහුගේ සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය මෙන්ම ඉල්ලා අස්විය යුතු බවට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු “අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය නම් එය සිදු විය යුත්තේ මගේ නායකත්වය යටතේ පමණක්” යැයි අඩි හප්පා ප්‍රකාශ කළේය. සාධාරණ හේතූන් උඩ කෝපයට පත්ව විරෝධතාවයේ යෙදෙන මහ ජනතාවට දැන්…

රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාව සබන් වර්ග වැඩි වශයෙන් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග මෙහි වෙළදසැල්වල සබන් සදහා දැඩි ඉල්ලුමක් හට ගෙන ඇත. සබන් මිල දැඩි ලෙස ඉහල යනු ඇතැයිද සබන් හිගයක් ඇති වනු ඇතැයිද මත පල විමත් සමග ජනතාව සබන් වැඩි වශයෙන් මිලට ගැනිමට පෙලබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන්…

එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්විමෙන් පසුව මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වූ ආකරය පිළිබඳව ඔවුන් මෙම වාර්තාවෙන් මනාව පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකාව තම අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වා ගැනීමට පවා මුදල් නොමැති…

වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමණාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු ආර්ථික, සමාජයීය, සෞඛ්‍ය හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීම සහ රට ස්ථාවර කිරීම සඳහා වර්තමාන රජයත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා විපක්ෂ සියළු දේශපාලනඥයනුත් අසමත් වී ඇත. මේ සම්බන්ධයෙන් විරෝධතාවය පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය…

ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි. 1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නීය. ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ඇය දායක වී තිබේ. අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.