rabukkana
|

රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකී

2022 අප්‍රේල් 19 වැනි දින රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකිනු ලැබේ. 2022 අප්‍රේල් 19 වැනි දින ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව (Sri Lankan Collective Against Torture – SLCAT) විසින් හෙළාදකිනු ලැබේ. බැටන්…

china-srilanka china map china currency china flag
|

චීනයෙන් ලංකාවට හදිසි මානුෂීය ආධාර

චීනය විසින් ශ්‍රී ලංකාවට RMB 200 (ඩොලර් මිලියන 31) ක “හදිසි මානුෂීය ආධාරයක්” ලබා දීමට පොරොන්දු වී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පැවසුවේ, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) ශ්‍රී ලංකාවට RMB මිලියන 200 ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බවයි. ඒ සඳහා මීට පෙර ප්‍රකාශයට පත් කළ ටොන්…

gossip news today

රටේ සෞඛ්‍ය බරපතල අවධානමක

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් ඉදිරි මාස තුන ඇතුළත රටේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ බරපතල අවිනිශ්චිතතාවයක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය රවී දයාසේන මහතා අනාවරණය කළා. එනිසා සෞඛ්‍ය සේවාව සැලකිය යුතු අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවත් අවශ්‍ය වෛද්‍ය සැපයීම් නොකඩවා නොලැබෙන තත්වයක් තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා. ඔහු කියා…

human rights commission of srilanka

පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද කැඳවා තිබේ. ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින නියෝග කර ඇති බවය. ඒ අනුව පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුක්කන පොලිස්…

times in sri lanka

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයේ අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙයි. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු…

lankabank
|

ව්‍යාපාර යළි නඟාසිටුවන්න ලංකා බැංකුවෙන් රට පුරා වැඩසටහන්

වර්තමානය වන විට මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් ලංකා බැංකුවේ ‘ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන අංශයේ (BRR)‘ මෙහෙයුම් කටයුතු කලාපීය වශයෙන් රටම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ. මේ වෙනුවෙන් කලාපීය වශයෙන් ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකක විවෘත කිරීම සඳහා ලංකා බැංකුව කටයුතු කරමින් සිටී. ඊට සමගාමීව නුගේගොඩ, අනුරාධපුර, මහනුවර, පොලොන්නරුව…

cement

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට

ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රු 2300 – 2350 මිලකට අලෙවි කරන අතර ,නව සිමෙන්ති මිල රු 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා…

virodatha

වතු සේවක සංගමය, ටෙලිකොම්, තැපැල්, ගුරු සංගම් විරෝධතා පාගමනක්

වතු සේවක සංගමය ටෙලිකොම්, තැපැල්, ගුරු සංගම් වෘත්තිය සමිති හා පොට්‍රෙක්ට් සංගමය මගින් ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ විරෝධතා පාගමනක් පවත්වන ලදි. මෙම පාගමනට එක්වු පිරිස ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් හා රඹුක්කන සිදුවු වෙඩි තබා මිනිස් ඝාතනයක් සිදු කිරිම හෙලා දකින බවද පල කරමින් මෙම විරෝධ පාගමන…

paskupaharaya
|

පාස්කු ප්‍රහාරයට අදට වසර 3යි

2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට වසර 3ක් ගතවෙයි. ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268ක්.තවත් 500කට අධික පිරිමන් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන්…

SRI LANKA-POLITICS-VOTE
|

මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන්න සුදානම්

පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය. මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ දිනයේ තවත් තුන්…