milk

කිරිපිටි මිල යළි ඉහළට

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා වැඩි කිරීමටත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරීමට ආනයනකරුවෝ තීරණය කරයි. කිරිපිටි ආනයනයකරුවන් පැවසුවේ ලෝක වෙළෙදපොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රුසියාවට එරෙහිව නියෝගයක්
|

රුසියාවට එරෙහිව නියෝගයක්

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක‍්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය. රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.

tax
|

කිරි ආහාර වලට රුපියල් 1,000 ක් දක්වා බදු

කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ පළතුරු ඇතුළු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, ආනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ යටතේයි. ඒ අනුව යෝගට්, වෙඩරු ඇතුළු කිරි ආහාර 5ක, කිලෝවක් සඳහා බද්ද රුපියල් 1,000 ක් දක්වා ඉහළ නංවා ඇත.  

weather

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇතිවන බවය. මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද…

gas

දින 12ක් මුහුදේ තිබූ ගෑස් නැවක් ගොඩබායි

කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුවයි. නෞකා දෙකෙන් මෙරටට පළමුවෙන් ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණය පළමුව ගොඩබෑම සිදුවනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යළි…

aresst

කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ බහින්බස්වූ තිදෙනකු අත්අඩංගුවට

කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. ඉන්ධන හලේ පොම්පකරුවන්ට හිමිකරුවන්ට සහ ගැටුමට සම්බන්ධ පිරිස තුවාල සිදු වුවත් කිසිදු අයෙක් එම අවස්ථාවේ ඉදිරිපත් වූයේ නැති බවද පොලීසිය සඳහන් කළේය. ඩීසල් ඉවර වී ඇති බවට ඉන්ධනහල් හිමිකරු සිටි පිරිසට දැනුම් දීමත්…

loans

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක්

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකම ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමට අත්සන් තබා ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. කෙටිකාලීන සහනදායි ණය මුදලක් වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව මඟින් මේ ණය ප්‍රදානය කරන අතර, මෙරටට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම මුදල් වැය…

breaking news sri lanka tamil

ජනතාව පෝලිම්වල දුක් විදිද්දී රජය ලාභ උපයනවා

මහජනතාව පෝලිම් වල දුක් විදිද්දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට රජය උපයා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කීවේය. වෙළෙඳපොලේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවත් බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත බැස ඇතැයිද රණවක මහතා කීවේය. ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද…

apanasala

අද සිට ආපනශාලාත් වැසෙයි

රට තුළ පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම අද (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බවයි. ආපන ශාලා වසා දැමීමෙන් ලක්ෂ…

ගොඩට එන්න ජාතියක් වශයෙන් එක් වෙමු
|

ගොඩට එන්න ජාතියක් වශයෙන් එක් වෙමු

විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන බව වටහා ගෙන අධෛර්යවත් නොවී මේ අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් සියලු දෙනා එක් වන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ඊයේ (16) ප්‍රකාශ කළේය. ජාතිය අමතමින් ජනපතිවරයා මෙසේ ද කීය. ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම්…