basil-rajapaksha

අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීමට බැසිල් නවදිල්ලියට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (15) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළකර තිබේ.

strick

ජනතාව දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන අද කොළඹට

ජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය ආණඩුවට පෙන්වා දීමට මෙම විරෝධතාවය සංවිධානය කරන බවයි. මෙම විරෝධතාව සඳහා එක්වන ලෙස දේශපාලන පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ද ආරාධනා කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන්…

thapa

කැළණිතිස්සට තාප බලාගාරයක්

කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. දෛනික විදුලි ඉල්ලුම හමුවේ රට මේ වනවිට මුහුණ දී තිබෙන අභියෝගාත්මක වාතාවරණය ලිහිල් කිරීම වෙනුවෙන් කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරයන්හි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී…

law
|

පාපැදියෙන් අධිකරණයට ආ නීතිඥයා

ජනතාවට තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති මොහොතක ඇඹිලිපිටිය, අධිකරණ සංකීර්ණය භූමියෙන්  අපූරු පුවතක් වාර්තා විය. නීතිඥ විජිත පුංචිහේවා මහතා සිය රාජකාරි කටයුතු සඳහා පාපැදියෙන් පැමිණීම බොහෝදෙනෙකුගේ කතා බහට ලක්වුණි.  

චීනයට අනතුරු ඇඟවීම්
|

චීනයට අනතුරු ඇඟවීම්

චීනය රුසියාවට සහාය දක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ සහාය දීමක් කළොත් චීනයට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා රජය අනතුරු ඇගවීමක් ද කර තිබේ. මේ අතර කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙනවා යැයි චීනය ප්‍රතිඥා දී තිබේ.

gov
|

ජාතික සම්පත් කියන තරම් ජාතිකද?

ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා එය අඩු මුදලකට භාන්ඩයක් හෝ සේවාවක් සැපයූ පමණින් හෝ වැඩි ස්ථිර රැකියා ප්‍රමාණයක සැපයූ පමණින් ජාතික සම්පත් වශයෙන් හැඳින්විම සුදුසුදැයි සොයාබැලීම මෙම…

gayani
|

දර අහුලන්න ගිය 29 හැවිරිදි දෙදරු මව අකුණුසැරෙන් මරුට

අකුරැස්ස, ගල්මුල්ල ප්‍රදේශයේ පාවිල්කන්ද දර අහුලන්න ගොස් සිටිය දී අකුණු සැරයක් වැදීමෙන් ගයනී මධුශානි ගමගේ නමැති 29 හැවිරිදි දෙදරු මව ජීවිතක්ෂයට පත් වූවාය. ගෑස් අවසන්ව තිබූ බැවින් පාවිල්කන්ද කුරුඳු වාඩියක ඇති  දර රැගෙන ඒම සඳහා ඉකුත් 11 වෙනි දින පස්වරුවේ මෙම අඹු සැමි යුවළ ගොස් ඇත. සවස් යාමයේ එම ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා…

weather today at my location

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය…

gas2
|

ගෑස් නැත භුමි තෙල් හිඟයි ජනතාව සැපෙන්ද …

රටතුල පවතින ගෑස් හා භුමි තෙල් හිගය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ  ගැස් හා භුමි තෙල් හිගය උග්‍රවිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. ගැස් හිගය හේතුවෙන් රුපියල් දාහාස් ගනන් වැය කර භුමි තෙල් උදුන් මිලදි ගත්තද මේ වන විට පවතින භුමි තෙල් හිගය…

jiwana
|

ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් වෙඩිමුර පත්තුවෙයි

ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්‍රදේශයේදි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක. වැඩි කල ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්  උද්ඝෝෂණයක නිරත විය. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේදි ඩිසල් බූලි අතතිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස උදඝෝෂණයේ නිරත විය.