කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය. කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.