යුද හමුදා සෙබළාගේ නිවසේ මත්ද්‍රව්‍ය

යුද හමුදා සෙබළාගේ නිවසේ මත්ද්‍රව්‍ය

ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළෙකුගේ මිහින්තලය පිහිටි නිවස පරික්ෂා කිරීමෙන් පසුව කේරළ ගංජා මත්පැන් හා විදේශිය දුම්වැටි තොගයක් සමග ඔහුගේ බිරිද අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. යුද හමුදා සෙබළා කේරළ ගංජා ග්‍රෑම් පන්සියයක ප්‍රමාණයක් සමග අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවස පරික්ෂා කිරීම සිදුකරනා ලෙස…

බන්දුල රු.100 ට වඩා අඩුවෙන් හාල් දෙන්න යයි

බන්දුල රු.100 ට වඩා අඩුවෙන් හාල් දෙන්න යයි

අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද දින සහල් මිල අඩුකිරීම සම්බන්ධව මාධයයට අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘මම රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයට රුපියල් සියයට වඩා අඩුමිලට සහල් සැපයීමේ පොරොන්දුව අඛණ්ඩව ඉෂ්ට කරගැනීමේ කාර්යයේ මම නිරත වෙනවා. මට සති දෙකක විතර කාලයක් ලබාදෙන්න. කරන දේ මොකක්ද කියල කථාකරන්න ඕන නෑ. කරන දේ අපි එතකොට බලමු.‘

death

පොලොන්නරුවේ පමණක් ගත වු මාස 09 ට අලි මරණ 54 ක්!

පොලොන්නරුව වනජීවී කලාපය තුළ පමණක් මෙම වසරේ අලි මරණ 54ක් හා මිනිස් මරණ 13ක් වාර්තා වී ඇතැයි පොලොන්නරුව වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පවසයි. සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ඉකුත් 2020 වසරේ පොලොන්නරුව වනජීවී කලාපයෙන් වාර්තා වූ මුලු…

82
|

කොරෝනා වෛරසයට නව කරලක්

කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම් අඩකින් පමණ අඩු කල හැකි නව කරලක් නිපදවීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා. මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති මෙය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් ආසාදිත රෝගීන්ට ලබාදී තිබෙනවා. පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකල මෙම අධ්‍යයනයෙන් පසු රෝහල් ගතවීමට තරම් රෝග ලක්ෂණ ‌පෙන්වා ඇත්තේ සියයට 7.3 කට පමණක්…

bandula1
|

බන්දුල නිහඬ වෙයි

දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් සාධාරණයක් ඉටු නොවුනහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයි. තමාට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් කිසිදු අදහසක් පළ නොකර නිහඬව සිටින බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවා.

solar power sri lanka
| |

සෝලා මල්ලි ට ලයිසන් ලබාදෙයිද?

ලෝකයේ ප්‍රථම වතාවට සූර්ය බල ශක්තියෙන් ධාවනය කළ හැකි ත්‍රි රෝද රථයක් නිර්මාණය කිරිමට උණවටුන “සේව් අවර් ශ්‍රී ලංකා“ (එස්.ඕ.එස්.) ආයතනය සමත්ව තිබේ.මෙහි නිර්මාතෘවරිය වන්නේ ජර්මන් ජාතික කාන්තාවකි. මෙයට වසර විසි හතකට පමණ පෙර ලංකාවට පැමිණ ලංකාවේ පරිසරයට ස්වභාව සෞන්දර්යයට ඇතිවු ආදරය නිසාම පදිංචිය සඳහා රමණිය උණවටුන ප්‍රදේශය තෝරාගත් ඇය නමින් උර්සුලා බර්ටි මැස්ච්බර්ගර්ය. බොහෝ…

motor

RMV කතා කරන්න අංක 03ක්

සේවා ලබාගැනීමට අපේක්ෂිත ජනතාව වෙනුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කරනවා. ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 011 2 677 877 අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කර ගත යුතුයි. රාජකාරී දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා වාහන ලියාපදිංචි කිරීම් සඳහා 0707 677 877 දුරකථන අංකයට ඇමතිය යුතු වනවා. රියදුරු බලපත්‍ර සඳහා…

dolor
|

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5යි

ඉදිරි මාස 06 සඳහා වන ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම අද නිල වශයෙන් එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි මාස හය තුළ සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියේ. මේ…

rice

සහල් මිල පාලනය අසාර්ථක වූ බව ආණ්ඩුවම පිළිගනී

සහල් සඳහා උපරිම මිලක් පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඟවා තිබූ ගබඩා පවා සොයා ගැනීමට නොහැකිවීම ඊට එක් හේතුවක් වීමට හැකි බවයි. සහල් සඳහා උපරිම මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය යළි අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ සිදුවුණා. ගොවීන් ඇතුළු…

lelena song mp3 download dj

කිරිපිටි ආපසු හරවා යැවීමට සූදානම්

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක එම කිරිපිටි තොග වෙනත් රටකට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා කර ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා. එහි ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි කිලෝ තුන් ලක්‍ෂ 60,000 ක් නිදහස් කර ගැනීමට රජය මේ දක්වා වානිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති බවයි. අද දක්වාම එම ගැටලුවට…