වප් පෝය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මහ සෙනඟක්

වප් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියහ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු එළැඹි පළමු පෝය දින මෙය වේ. වසංගත තත්ත්වය පහව ගොස් රටට ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතවූහ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත දෛනකිව සිදුකරන තේවා රාජකාරියන්ට අමතරව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිල් සමාදන්වීම ඇතුලු ආගමික වතාවත් සිදුකිරීම දළදා මාලිගා චතුරස්‍රයේදී සිදුවිය. පෙරවස් සමාදන් වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම සිදු කෙරෙන්නේ ද වප් පොහොය දිනයේදීයි. නදීක දයා බණ්ඩාර…

Read More

මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.

water falls

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කදුකරයේ දිය ඇලි සක්‍රීය  තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, දියගල, ශා/කේලායාර් යන ප්‍රධාන දිය ඇලි ඇතුළු තවත් දිය ඇලි කිපයක් සක්‍රීය  තත්වයන්ට පත්ව හැඩවි ඇද හැලෙන අයුරු දැක ගත හැකිය . මනුර සුදත් සෙල්ලහේවා හැටන්  

Read More

තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.

wessa

ඇදහැලෙන  ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි. මතුගම  – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත  ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර,  අගලවත්ත  වළල්ලාවිට  සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල මට්ටම් ඉහළගොස් තිබු අතර හදිසි ගංවතුර තත්වයක් ඇතිවුවහොත්  ඊට  මුහුණ දීමට ආපදා කළමනාකරණ අංශ සුදානමින් තබා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.   එස්. පොද්දෙණිය – මිගහතැන්න

Read More

වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!

hatton house

ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04)  විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම නිවාස ව්‍යාපෘතියන්  අතර මග  නතර  වන ලදි. පසුව නව රජය බලයට පත්විමෙන් පසු අතර මග නතරවු එම නිවාසවල ඉදිකිරිම් ආරම්භවු අතර එම නිවාස යෝජනා ක්‍රමවල ජලය, විදුලි, මාර්ග පහසුකම් වැනි යටි තල පහසුකම් ලබා දිම…

Read More

ඇඳිරි නීතිය අවසන් කෙරෙන නිසා හැටන් නගරය විෂබීජහරණයට

hatton

නිරෝධාන ඇදිරි නිතිය නිමවිමෙන් පසු හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ දින 43 ක පමන නිරෝධාන ඇදිරි නිතිය  හෙට (01)  දින ඉවත් කිරිමට රජය මගින් පියවර ගැනිමත් සමග නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා ලෙස නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවත්ය. එම උපදෙස් මත සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් නගරයේ විවිධ ස්ථාන…

Read More

තද වැසි නිසා මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම ඉහළට

casalri

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි. මෙම වැසි තත්වයන් ඉදිරියටද පැවතියහොත් මෙම ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට පැමිනිය හැකි බවත් එසේ වුවහෝත් එම ජලාශවල වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Read More

බණ්ඩාරනායක ගුණ සමරුව

bandaranayaka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක  යන මහත්මීන් බණ්ඩාරනායක සමාධිය අසලට අද (26) උදෑසන ගොස් පුෂ්පෝපහාර දක්වා සිටියේ ජනතා සහභාගීත්වයකින් තොරවය. බණ්ඩාරනායක ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව හොරගොල්ල බණ්ඩාරනායක  සමාධිය අසල දී පැවති ගුණ සැමරුම මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොපැවැත්වෙන බව හිටපු ජනාධිපතිනිය කල් තියාම පාක්ෂිකයින් වෙත දැනුම් දී තිබුණි.  නමුත් හැකි අවස්ථාවක සෞඛ්‍යාරක්ෂිතව පැමිණ උපහාර දක්වා යන ලෙසද ඇය වැඩිදුරටත් කියා තිබුණි.

Read More

හැටන් තරුණ තරුණියන්ට කොවිඩ් එන්නත

covid

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තරුණ පිරිස කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනිම සදහා දැඩි උනන්දුවක් දැක්විමත් සමග ප්‍රදේශයේ අවුරුදු 20ත් 29ත් අතර විශාල පිරිසක් එන්නත් ලබා ගැනිමට ඊයේ ( 24) දින එක්ව සිටින ලදි. එම තත්වයන් මත  හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තරුණ පිරිස සදහා හැටන් ඩි.කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදිද විදුලි පුර ප්‍රදේශයේ තරුණ පිරිස සදහා විදුලිපුරදිද 24 වන දින සයිනෝෆාම් එන්නත ලබා දිම සිදු කළ  බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් ජයසිංහ මහතා පවසන ලදි. එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තුන්දාහාසක පමන…

Read More

ළිඳක වැටි වන අලියෙකු මරුට!

eliphent

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින්  අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ  (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ වයස අවුරුදු 15ක් පමණ වන බවත් පිරිමි සතෙකු වන බවත් වනජීවී නිලධාරීහු පවසති.අලියාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද  (19) ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ නිලධාරින් විසින් සිදු කෙරෙ. ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Read More

ගෘහ සේවිකාවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් පෙරට!

protect

කොවිඩ් වසංගය හේතුවෙන් රජය විසින් පනවා ඇති නිරෝ‍ධායන  ඇදිරි නිතිය හේතුවෙන් අසරන තත්වයන්ට පත්ව ඇති ගෘහ සේවයේ යෙදි සිටින කාන්තාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 වටිනා මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපතිනි හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කරුපයියා මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් පිට ප්‍රදේශවල ගෘහ සේවයේ යෙදි සිටින පිරිසක් මේ වන විට තම නිවාසවලට පැමින නැවත අදාල ස්ථාන වෙත යාමට නොහැකිව සිටින බවත් එසේ සිටින ගෘහ සේවිකාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 බැගින් මුදල් වවුචර…

Read More