‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්රධාන තේමාවයි. රාජ්ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි….









