ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතු කොට ගෙන ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කලා. එසේම පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා කැඳවීම 19 වනදා සිදුවන බවත්, එක් අපේක්ෂකයෙකුට වඩා නාම යෝජනා ලබා දෙන්නේ නම් 20 වනදා…









