දික්ඔයෙත් උද්ඝෝෂනයක්

දික්ඔයෙත් උද්ඝෝෂනයක්

ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දික්ඔය ප්‍රදේශයේ පිරිසක් 05වන දින දික්ඔය නගරයේදි ටයර් පුලපුස්සමින් උද්ඝෝෂනයක් පවත්වන ලදි. මෙම පිරිස දික්ඔය දරවල ප්‍රදේශයේ සිට පාගමනින් පැමින දික්ඔය නගර මධ්‍යයේදි මෙසේ ටයර් පුලුස්සා උද්ඝෝෂනයක් පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා

ananda-sc

ආනන්දයත් පාරට බසි

කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරු භවතුන් අද දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්වූ ඔවුන් පවතින ආර්ථික පීඩනය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ කියමින් පැයකට අධික කාලයක් මෙලෙස විරෝධතාවේ නිරත වුණා. කොළඹ මරදාන ආනන්ද විද්‍යාලය සහ වත්මන් ආණ්ඩුව අතර පවතිනුයේ අනුලංඝනීය සබඳතාවක්. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිප්…

watercut
|

ජල හිගය උග්‍ර විමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

හැටන් ප්‍රදේශය තුල පවතින ජල හිගය උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයන් ජනතාව පවසනුයේ මේ වන විට ජල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය විසින් ජලය බේදා හැරිම දින දෙකකට වරක් සිමා කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. එසේ දින දෙකකට වරක් ජලය…

jiwan-thondaman
|

වතුකරයේ ජනතාව වෙනුවෙන් කරන ලද ඉල්ලිම් වලට නිසි විසදුම් ලබාදෙන්න

ලංකා කම්කරු කොංග්‍රසය සෑම විටම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටින බවත් එම ජනතාවගේ අව‍ශ්‍යතාවයන් ඉටු කිරිමට නොහැකි වුවහොත් තමන් රජයට දක්වන සහායෝගයෙන් ඉවත්විමට දෙවරක් නොසිතන බව වතු යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…

ganaakka

ඥානක්කාගේ නිවස වටලති

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය. අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල්…

හැටන් වල උද්ඝෝෂන

හැටන් වල උද්ඝෝෂන

හැටන් නගරයට පැමිනි තරුණ පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් උද්ගෝෂනයක් පවත්වන ලදි. මෙම තරුණ පිරිස හැටන් නගර මධ්‍යයේ මෙසේ උද්ගෝෂනයක් පවත්වමින් හැටන් නගරයේ ප්‍රධාන විදිය ඔස්සේ පෙලපාලියක්ද පවත්වන ලදි. මෙම උද්ගෝෂන පෙලපාලිය මධ්‍යයේ එම මාර්ගයේ රථ වාහන ධාවනය සදහා හැටන් පොලිසියේ නිලධාරින් විසින් විශේෂ වැඩ පිලිවෙලක්ද යොදන ලදි. මනුර සුදත් සෙල්ලහේවා

ඩිසල් ලබා ගැනීමට රථ වාහන පොලිම්

ඩිසල් ලබා ගැනීමට රථ වාහන පොලිම්

ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග තම රථ වාහනවලට ඩිසල් ලබා ගැනිම සදහා හැටන් නගරයේ  විශාල රථ වාහන සංඛාවක් පොලිම් ගැසි නතර කර ඇති අයුරු දක්නට හැක. හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්දන හලකින් ඩිසල් ලබා ගැනිම සදහා පුද්ගලික බස් රථ. ලොරි රථ වැන් රථ ඇතුළු රථ වාහන රාශියක් මෙසේ මාර්ගයේ පොලිමේ රැදි සිටින අතර එම මාර්ගයේ ධාවනය…

ඇමතිවරු කොටසක් දිවුරුම් දෙති

ඇමතිවරු කොටසක් දිවුරුම් දෙති

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුව ඇත.අද දින කොටසක් දිවුරුම්දී ඉතිරි අය වෙනත් පක්ෂ වලින් කැඳවීමට හිස්ව තබාගන්නා බවක් පෙන්නුම් කර ඇත. මුදල් ඇමති – අලි සබ්රි අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමති – ජී.එල්. පීරිස් මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

manawa-himikam

මානව හිමිකම් කොමිසම රැස්වෙයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (04) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර දැනට රට තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන උද්ඝෝෂණවලට හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

kaltan

තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණ

සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ මේවනවිට උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති. තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.