rohini
|

ජනපතිට – අගමැතිට වඩා වන්නිලැත්තන් හොඳ නායකයෙක්

ආදිවාසී නායක වන්නියලැත්තන් ජනාධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට වඩා හොඳ නායකයෙක් බව පිළිගෙන තිබෙන බවත් කවුරුන් හෝ ගෙනත් මේ ප්‍රශ්නය විසඳිය යුතුව ඇති බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

kabralend

කබ්රාල්ට රටයාම තහනම්

මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදේස් ගත වීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත් කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේය. එම නියෝග මෙම මස 18 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළේය.

සඳුදා – අඟහරුවාදා රජයේ නිවාඩු

සඳුදා – අඟහරුවාදා රජයේ නිවාඩු

සියලු රාජ්‍ය සේවකයිනට සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.ඒ අනුව රජයේ කාර්යාල නැවත ආරම්භ වන්නේ 18 වැනිදා සඳුදාය.

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක විශේෂිත දුම්රිය කාලසටහන මෙන්න

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක විශේෂිත දුම්රිය කාලසටහන මෙන්න

අලුත් අවුරුදු සමය තුළ දුම්රිය ධාවනය කරන කාලසටහන මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. මෙම විශේෂ දුම්රිය සේවය මේ මස 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද සෙනෙවිරත්න මහතා කීය.

සමහර කූට වෙළදුන් ආහාර ද්‍රව්‍ය අධික මිලකට අලෙවි කරයි
|

සමහර කූට වෙළදුන් ආහාර ද්‍රව්‍ය අධික මිලකට අලෙවි කරයි

සමහර වෙළදසැල්වල බඩු මිල අධික ලෙස ඉහළ දමමින් එම වෙළදුන් විසින් පාරිභෝගිකයන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  ජනතාව පවසනුයේ මේ වන විට සමහර කූට වෙළදුන් විසින් හාල්, සිනි, පරිප්පු, පොල් තෙල්, මුං ඇට, වැනි ආහාර ද්‍රව්‍ය  ඉතාමත් අධික මිලකට අලෙවි කරන බවත්ය. මෙම…

aluth-awrudu

අලුත් අවුරුද්දට තිබෙන උනන්දුව අඩුවේ

අලුත් අවුරුදු සමයේදී සිදුවන රසකැවිලි තොග අලෙවිය 25% දක්වාත්, නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩවල තොග අලෙවිය 50% දක්වා මෙවර අඩු වී තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය වසරවල අලෙවිය සැලකීමේදී මෙවර අලෙවිය විශාල ලෙස අඩු වී තිබෙන බවත්, අලෙවිය අඩුවීමට හේතුවක් වී තිබෙන්නේ, පවතින ඉන්ධන හිඟය නිසා පිට…

rupiyala
|

ශ්‍රී ලංකා රුපියලට සිදුවු දේ

ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබේ.

bumithel-polim
|

සතියකට පසු භුමි තෙල් ලැබෙයි

සතියක පමන කාලකට පසුව හැටන් ඉන්ධන හලකට භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් එම ඉන්ධන හල අසල පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ දින ගණනාවක් පුරාවට මෙම ප්‍රදේශයන් තුල භුමි තෙල් නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටි බවත්ය. එම තත්වයන්…

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka

වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. දිනපතා සිදු වන විදුලිය විසන්ධි කිරීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් තත්ත්වය නරක අතට හැරී ඇති බවත්,ශ්‍රී ලාංකිකයන්…

gold

රත්තරන් මිල පහළට

කැරට් 22 රන් පවුමක් ඊයේ(6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි. කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ ඊයේ දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් දක්වා අඩුවී ඇති බවයි.