desa
| |

පුරවැසි විරෝධය හමුවේ දේශපාලන පෙරළිය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා යයි රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. ඒ අනුව ඉල්ලා අස්වූ අය අතර මුදල් ඇමති බැසිල්ද සිටී. අගමැති මහින්දගේ බලය ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කර අනෙක් අය වැඩිදෙනෙකු ඉල්ලා අස්වන්නට සූදානමක් පවතී. බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන…

ajithrohana

ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට අදහසක් නැහැ – අජිත් රෝහණ

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය  දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා  පැවසුවේය. සෙනසුරාදා පස්වරු 6 සිට සඳුදා උදෑසන 6 දක්වා රජය දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.

politics
|

අන්තර්වාර පාලනය අස්සේ ජනතා මතය නියෝජනය වෙන්න ඕනෑ

මේක විප්ලවයක් ඒක නිසා මේක යන්න පුලුවන් උපරීම අන්තයට යන්න ඕනෑ. ලසන්ත වික්‍රමතුංගලගේ හඬ ප්‍රගීත් එක්නැළිගොඩලගේ හඬ සිවරාම්ලගේ හඬ තාජුඩීලගේ හඬ මේ ඝෝෂාව අස්සේ සිහිනවට ඇහෙනවා. ඒ නිසා මේක උපරීමයට යන්න ඕනී. ඔවුන්ට අධිකරණයෙන් සාධාරණයක් ඉටුණොවුණත් ඔවුන්ට ජනතා අධිකරණයෙන් හෝ සාධාරණය ඉටු වෙන්න ඕනෑ. සුනාමි අරමුදලේ ඉදලා ගසාකෑ සල්ලි නැති නාස්ති කළ රාජ්‍ය අරමුදල් ජනතාවගේ…

‘වැඩ කරන අපේ විරුවා ‘ ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි
|

‘වැඩ කරන අපේ විරුවා ‘ ගීතයේ නිර්මාතෘ සමාව ඉල්ලයි

ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කළ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ සදහන් කර ඇත.  

air

රාජපක්ෂ ඥාතීහු 9 ක් විදෙස්ගත වෙති

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි . මෙම පිරිස දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇති බව සදහන්. ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බවද එම වාර්තාවේ දැක්වෙයි….

strick
|

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි. මේ වන විටත් සියළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ආණ්ඩුව විසින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මුළුමනින්ම උල්ලංඝනය කර ඇත….

dalus

මාධ්‍යවේදීන්ට පහරදීම ජනමාධ්‍ය ඇමති තරයේ හෙළා දකියි

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති ගැටුම්කාරී තත්වය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදීම තරයේ හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියා සිටියි. “මහජනතාවට සාමකාමි ලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය. එමෙන්ම උද්ඝෝෂකයින් ද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම නොකළ යුතු අතර…

social-media

සමාජ ජාලා අවහිර වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මත මෙරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි. යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ. එහි ලේකම්වරයා සදහන් කරන්නේ මෙම අවහිර කිරීම තාවකාලිකව සිදු කරන ලද බවය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිට සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම අවහිර වී…

curfew

අද පස්වරු 6.00 සිට රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය

රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

gazet

මහජන හදිසි අවස්ථා තත්ත්වයක්

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. එය ඊයේ(01) සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි. රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා…